Pages

php සිංහලෙන් - 02.PHP Variables (විචල්‍යයන්) සහ තවදුරටත්.


ඉතින් කොහොමද යාලුවනේ ගොඩාක් කාලෙකට පස්සේ ඔන්න මම අදත් අවා ඔයාලට පාඩමක් අරගෙන. දැන් රැකියාවක නියතු වෙලා ඉන්න නිසා තමයි ඔයගොල්ලොන්ට ලිපි අරගෙන එන්න බැරිවුනේ ඒ සඳහා සමාව ඉල්ලන අතරම අද බලමු අපි මොනවා ගැනද කතා කරන්න යන්නේ කියල.අදත් මම ඔයාලට php පාඩමක්  තමයි අරගෙන එන්න හිතුවේ. හරි එහෙනම් වැඩි කතා නැතුව අපි දැන් පාඩමට අනුගත වෙමු.

php කේතනය සදහා මම පහසු Text Editor එකක් වන Notepad++ මෘදුකාංගය යොදා ගන්නා අතර වෙබ් බ්‍රවුසරය ලෙස Google Chrome භාවිතා කරමි. දැන් php වැඩ ආරම්භ කිරීම සඳහා මෙම පහත සඳහන් පියවර අනුගමනය කරැගෙන යන්න කියල මම යාලුවන්ගෙන් ඉල්ලනවා.

1.පළමුව ඔබේ පරිගණකයේ ස්ථාපිත කර ඇති Wampserver ක්‍රියා කරවන්න.

2.Wampserver මගින් ලබාදෙන Task Bar හී ඇති අයිකනය නිවැරදිව වර්ණ ගැන්වී ඇතිද යන බව මීළඟට පරීක්ෂා කරන්න

3.ඉන් පසු ඔබේ පරිගණකයේ ස්ථාපිත කර ඇති වෙබ් බ්‍රවුසරය ක්‍රියා කරවා එහි Address Bar හී "localhost:" ලෙස Type කර Enter කරන්න. පහත රුපයේ දක්වා ඇති පරිදි පිටුවක් ඔබට දැකගත හැකිවිය යුතුය.

4.ඔබ විසින් නිර්මාණය කරගත් php File එක ඔබ විසින් Save කරන විට අනිවාර්යෙන්ම Name.php ලෙස නම් කරන්න. Name යන්න වෙනුවට ඔබට රිසි ඕනෑම නාමයක් යෙදිය හැකිය.

5.අප විසින් සාදන php සියල්ලම Save කල යුත්තේ  Installed Directory (මෘදුකාංගය ස්ථාපිත කරගත් ස්ථානය) හී ඇති www නම් Folder එක තුලය. ඒ තුල අලුත් Folder එකක් සාදා Save කරන්නේ නම් ඔබට යම් දිනයක ඔබගේ ව්‍යාපෘතීන් වෙන්කර හදුනාගැනීමට එය ඉවහල් වනු ඇති.

6.ඔබ විසින් එසේ Save කරගත් ලිපි ගොනුව නැරබීම සඳහා වෙබ් බ්‍රවුසරයේ " localhost:\අලුත්_folderයේ_නම‍‍\name.php " ලෙස Type කර Enter කරන්න.






php කේතනය ආරම්භ කිරීමට මත්තෙන් යාළුවන්ට කියන්න ඕනි, php කේතනය සඳහා සඳහා html කේතනයෙහි මූලික දැනුමක් අත්‍යවශ්‍ය බව. ඔබට html දැනුමක් මේ වන විටත් නොමැති නම් මා විසින් chandaregura.blogspot.com හි පළකර ඇති html ලිපි මාලාව සමග සම්බන්ධ වීමෙන් ඔබට ඒ සම්බන්දව පුළුල් දැනුමක් ලබාගත හැකිය. 


php කේතනය ආරම්භ කරමු.


අපි දැන් බලමු php කේතනය කරන්නේ කොහොමද කියල. මුලික වශයෙන් මම අපේ html පාඩම් මාලාව ගැන මතක් කරනව නම් හෝ ඔයාල දන්නවා නම්  ඔයාලට මතක ඇති මුලික වෙබ් පිටුවක් සදහා අන්තර්ගතය කොයි ආකාරයෙන්ද සකස් වෙන්නේ කියල.



------------------------------------------------------------------------------------------- 

<html> වෙබ් පිටුවේ ආරම්භය
               <head> වෙබ් පිටුවේ මූලික හැදින්වීම/ දත්ත
                           <title></title> වෙබ් පිටුවේ නම /Title bar හී පෙන්නුම් කරන නාමය
               </head> වෙබ් පිටුවේ මූලික හැදින්වීම/ දත්ත අවසානය
               <body> වෙබ් පිටුවේ අන්තර්ගතය
               </body> වෙබ් පිටුවේ අන්තර්ගතයේ අවසානය
</html> වෙබ් පිටුවේ අවසානය


------------------------------------------------------------------------------------------- 

මුලික වශයෙන් අප විසින් php කේත ඇතුලත් කරනුයේ <body></body> ටැග තුලය. වීශේෂ අවස්ථාවල එනොවන තැන්ද ඇත අප ඒවා පසුව සාකච්ජා කරමු. html ටැග ගැන කතාකරද්දී කියන්න ඕනි සහ ඔයාලට කුතුහලයක් එනවත් ඇති, php කෙතනයේදී අපි php කේත ඇතුලත් කරන්නේ මොන වගේ ටැගයක් තුලද කියල.


<?php
(php ආරම්භක ටැගය)



?>
(php අවසාන ටැගය)

කේත ලිවීමේදී යම්කිසි සම්මත ආකාරයක් තියනවා ඔයාල මෘදුකාංග ක්ෂේත්‍රයේ රැකියාවකට යන්න බලාපොරොත්තුවක් තියනවා නම් ඒ පිළිවෙල පුරුදු වෙන එක ඔයාලට ගොඩක් වැදගත් දෙයක් වෙනවා යාලුවනේ, මේ පිළිවෙලට කියන්නේ Code Indentation කියල. මා විසින් ඉහතදී මුලික වෙබ් පිටුවක් සදහා අන්තර්ගතය දක්වා ඇත්තේ ද ඒ අකරයටයි. ඔබ එනිසා යම් පිලිවෙලකට කේත ලිවීමට පුරුදු වන්න. එවිට යමක් වැරදුනු කල නිවැරදි කිරීමට පහසු වේ.


ඔබට තවත් වැදගත් යමක් කියනවා නම්, ඔබ විසින් Notepad++ භාවිතා කරන්නේ නම් php කෙතනයට පෙර Language - P - php යන්න තෝරන්න. එවිට php කේත වල අනන්‍ය පද නොහොත් Syntax විවිද වර්ණ වලින් පෙන්වීම නිසා පහසුවෙන් ඔබගේ කේත වල වැරදි සෙවිය හැකිය.



දැන් අපි php ලොවට පා තබමු.


ඉහත සඳහන් කල පරිදි ඔබ විසින් Open කර ගත් Text Editor එකෙහි පහත කේත කොටස Type කරන්න.

<html>
          <head> 


                    <title>Basic</title> 

          </head> 

          <body> 

                    <?php 

                     echo "Hello World PHP!"; 

                     ?> 
          </body> 
</html>

ඉන්පසු එම සාදාගත් File එකට වෙබ් බ්‍රවුසරය මගින් පිවිසෙන්න. එවිට ඔබට පහත ආකාරයෙන් දිස්වනු ඇත.


දැන් වෙබ් බ්‍රවුසරයේ Page එක මත Right Click කර Page Source ලබා ගන්න. එවිට මෙසේ දිස් වනු ඇත.







අප විසින් Type කරන ලද කේතයෙහි සහ බ්‍රව්සරයෙහි පෙන්වන කේතයෙහි වෙනස ඔබ දුටුවාද ??


<?php
     echo "Hello World PHP!";
?>

යන කේත කොටස වෙනුවට ඇත්තේ Hello World PHP! යන්න පමනි. ඊට හේතුව මෙයයි.






පළමුව අප විසින් වෙබ් බ්‍රවුසරය මගින් hello.php පිටුව ඉල්ලීමක් කරන අතර ( localhost:\php\hello.php )

එවිට වෙබ් බ්‍රවුසරය වෙබ් සර්වරය මගින් එනම් ඔබේ පරිගණකයට ස්ථාපිත කර ගත් Local Host එකෙන් hello.php පිටුව ඉල්ලීමක් කරයි.

එවිට වෙබ් සර්වරය මගින් පරිගනකයේ දෘඩ මතකයේ ඇති wamp - www ෆොල්ඩරය තුල ඇති hello.php වෙබ් පිටුව ගෙන එය ක්‍රියා කරවා html ප්‍රතිදානය පමනක් වෙබ් බ්‍රවුසරයට ලබා දේ.


php Variables ( විචල්‍යයන් )



දැන් හැමෝම බලනවා ඇති මොනවද මේ Variables කියන්නේ කියලා. Variables කියන්නේ අගයක් සඳහා වූ සංකේත ලෙස හඳුන්වන්න පුළුවන්. php වලදී Variables නමක් ලිවීමේදී යම්කිසි නීති පද්ධතියක් පවතී. එනම්,


1.    Variable නම ආරම්භය “$” ලකුණින් විය යුතුය.
2.    ඊලගට අකුරක් ( letter ) හෝ  “_”  ( underscore ) ලකුණ තිබිය යුතුය.
3.    ඉන් පසු අකුරු (letter), ඉලක්කම් (Numbers),  “_”(underscore)හෝ “-” ( dashe )තිබිය හැකිය.
4.    නම අතර තුර හිස්තැන්spaces ) නොතිබිය යුතුය.
5.    එසේම Variable නම් කැපිටල් හා සිම්පල් වීම මත වෙනස් (එනම් case-sensitive )වේ



දැන් අපි Variable නම් වලට නිවැරදි උදාහරණ කීපයක් බලමු.



1.    $Item
2.    $myVariable
3.    $this_variable
4.    $product3
5.    $_book
6.    $this-variable
7.    $__book

ඉහත දක්වා ඇති Variable සියල්ලම නිවැරදි ඒවා වේ නමුත් ඉන් කිහිපයක් ප්‍රායෝගිකව භාවිතය නුසුදුසුවේ.

1. $_book මේ ආකාරයට php මගින්ම Variables සාදන නිසා අපද මෙසේ සෑදීමෙන් ඒවා අතර වෙනද අදුර ගැනීම අපහසුවේ. එනිසා එවැනි Variable භාවිතයෙන් වලකින්න.

2. $this-variable මෙහිදී භාවිතා කර ඇති "-" ( dash ) ලකුණ අඩුකිරීමේ ලකුණ හා සම බැවින් අදුරගැනීමේ අපහසුවේ. එනිසා එවැනි Variable භාවිතයෙන්ද වලකින්න.

3. $__book මෙහිදී "_" ( underscore ) ලකුණු දෙකක් එකවර භාවිතා කිරීම නිසා අදුනා ගැනීමට අපහසු තාවයක් ඇතිවේ. එනිසා එවැනි Variable භාවිතයෙන්ද වලකින්න.

මුල සිටම මෙවැනි දෝෂ මග හැරීමට පුරුදු වීම තුලින් පසු කාලීනව නිවැරදි හා ඉක්මන්ව php කොඩින් කිරීමට මග සැලසෙනු ඇත.

එහෙනම් යාලුවනේ අදට මම යනවා Variables ගැන තවදුරටත් සඳහන් වෙන මේ වගේම php පාඩමකින් ඔයාලව හම්බවෙන්න එනකන් ඔයාලට ජය !!!

Written by
චන්දරේ...

Chandare Guru

Phasellus facilisis convallis metus, ut imperdiet augue auctor nec. Duis at velit id augue lobortis porta. Sed varius, enim accumsan aliquam tincidunt, tortor urna vulputate quam, eget finibus urna est in augue.

2 comments:

  1. Replies
    1. බොහොම ස්තුතියි ඉඳුවර සහෝදරයා. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ඉල්ලනවා !!!

      Delete