Pages

අද සිට php සිංහලෙන් ( 01.හැඳින්වීම , ඉතිහාසය සහ මෘදුකාංග ස්ථාපනය )


ඔන්න යාලුවනේ අද මම ඔයාලට තවත් වැදගත් වෙන පාඩම් මාලාවක් ලියන්න හිතාගෙන තමයි අවේ. ඒ වෙන මොනවත් ගැන නෙමෙයි ඔයාල කව්රුත් අහල තියෙන php ගැන, අපේ බ්ලොග් එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අපේ යාලුවෝ කිහිපදෙනෙක්ම මේ සම්බන්ධව මගෙන් අහපු නිසා ලිපි මාලාවක් ඉල්ලපු නිසා අද මම හිතුවා මේ සම්බන්ධව ලියන්න පටන් ගන්න. අපි අද මේ සම්බන්ධව හැඳින්වීමකින් පාඩම ආරම්භ කරමු. තව මේ පාඩමේ අවසානයට php සමග වැඩ කරන්න අවශ්‍ය කරන මෘදුකාංගයක් ස්ථාපනය කරගන්නා අයුරු කියල දෙන්න බලාපොරොත්තු වෙනවා.හරි එහෙනම් වැඩි කතා නැතුව පාඩමට අනුගත වෙමුකෝ.

වර්තමාන වෙබ් අඩවි අතුරින් බලවත් මෙන්ම ආකර්ශණශීලී වෙබ් අඩවි බහුතරය පදනම වී ඇත්තේ  PHP මතය. PHP නිර්මානය කර ඇත්තේ HTML භාශාවත් සමග යෙදීමටයි. ඒ වගේම PHP  වල Output එක දෙන්නෙත් Html format එකෙන්ම තමයි. මේ දෙකේ තියෙන මූලිකම වෙනස තමයි PHP කියන්නෙ Dynamic language එකක් වෙන අතර Html කියන්නෙ Static Language එකක්.ඒ කියන්නෙ අපි Html file එකක් කී පාරක් බැලුවත් ඒකෙ තියෙන අන්තර්ගතය වෙනස් වෙන්න විදියක් නෑ.නමුත් PHP file එකක එහෙම නෑ.අපි බලන පාරයක් පාසා ඒකෙ තියෙන අන්තර්ගතය වෙනස් වෙන්න පුලුවන්. PHP මගින් වඩාත් ආකර්ශන ශීලීව HTML පිටු (web පිටු) නිර්මානය කල හැකි අතර. HTML පමනක් භාවිතා කර සාදන ස්තීර පෙනුමැති වෙබ් සයිට් වලව වඩා වෙබ් පිටුවට පිවිසෙන්නාගේ ගතිගුන (වෙබ් බ්‍රවුසරය, භාෂාව ආදී) මත හෝ Data base (දත්ත ගබඩාවක) ඇති තොරතුරු මත පෙනුම වෙනස් වන වෙබ් අඩවි නිර්මානයද PHP මගින් සිදු කරන ප්‍රදාන කර්යයන්ගෙන් එකකි.

අපි ලියන PHP file එකක් සේව් කරන්නෙ එක අගට .php කෑල්ල දාලා.මේ මගින් Web Server එක දැනගන්නව මේ file එක Interprit කරන්න අවශ්‍ය PHP file එකක් විදියට කියලා.Output format  එක Html වලින් දුන්නට PHP  කියන්නෙ Html වලට වඩා ගොඩක් flexible  භාෂාවක්.

ප්‍රශ්නයක් එනවද ඇයි එතකොට මේක Programming Language එකක් නෙවීද කියලා. PHP යනු පරිගනක server හා බැදෙන scripting පරිගනක භාශාවකි. එහෙනම් අපි බලලා ඉමු Programming Language එකකුයි Scripting Language එකකුයි එකිනෙකට වෙනස් වෙන්නෙ කොහොමද කියලා. Scripting Language  එකක් යම්කිසි වැඩක් කරන්නෙ Event එකකට Respond එකක් හැටියට විතරයි.නමුත් Programming Language එකකට Event එකක් නැතුව වුනත් ක්‍රියා කරන්න හැකියාව තියෙනවා. Java  Script කියලා අපි හැමෝම ගොඩක් අහල තියෙන එකත් මේ වගේම Scripting Language  එකක්.නමුත් Java  Script කියන්නෙ Client side Scripting Language එකක් PHP වගේ Server side Scripting Language එකක් නෙවෙයි. එතකොට මොකක්ද මේ Server සහ Client කියන්නේ.මෙහෙම හිතන්න ඒක ගැන Server කියන්නෙ Web Server එක Client කියන්නෙ Web Browser එක. එනම් PHP පිහියට විය යුත්තේ පරිගනක server එකක් තුලය. එතකොට ඒ කියන්නෙ PHP  run වෙන්නෙ Web Server එකේ මිසක් Web Browser එකේ නෙවෙයි. එතකොට PHP තනියම රන් වෙන්න බෑ Web Server එකක් නැතුව. PHP වල තියෙන වාසියක් වෙන්නෙ ගොඩක් අනිත් Languages වගේ මේක Compile කරන්න අවශ්‍ය නෑ රන් කරන්න.ඒ නිසා අපිට අවශ්‍ය PHP code එක ලියල Web Server එකට දැමීම මගින් අවශ්‍ය වැඩේ කරගන්න පුලුවන්.

ඔයාලා වගේ දැනටම C, Java, Perl, Asp Languages දන්නවනම් PHP  කියන්නෙත් ඒ වගේම Syntax තියෙන Language එකක්ම තමයි. නමුත් ඒ එකක්වත් දන්නැත්තම් ඒත් ප්‍රශ්නයක් නෑ මේ බ්ලොග් එකෙන් මුල ඉදන්ම ඉගෙනගන්න පුලුවන්.

ඇයි PHP ම ?


දැන් අදහසක් තියෙනවානේ ඇයි PHPම පාවිච්චි කරන්න අවශ්‍ය කියලා. ඒ නිසා දැන් බලමු ඇයි PHP ම use කරන්නේ කියලා. ඇයි වෙන language එකක් මේ වෙනුවට කරන්න බැරිද? මොකක්ද එතකොට PHP වල තියෙන විශේෂත්වය වෙන languages වලට වඩා.

මේකට ගොඩාක් කරුණුනම් ඉදිරිපත් කරන්න පුළුවන්. අපි ඒ නිසා ප්‍රධානම කාරණා කිහිපයක් සැලකිල්ලට අරගෙන බලමු. අනිවාර්යයෙන්ම ඔයගොල්ලො හැමෝම Html පාවිච්චි කරලා ඇති. ඒ වගේම ඒකෙන් කරන්න පුළුව්න් දේ ගැනම බැරි දේවල් ගැනත් අදහසක් ඇති කියල හිතනව හැමෝටම. ඒ නිසා හැමෝම මීට වඩා යමක් කරන්න පුළුවන් Language එකක් තිබුනනම් හොඳයි කියලා හිතනවා ඇති. පහත කරුණු දිහා බලමු.

Open Sourse / free Software.


PHP විවෘත්ත කේත (Open Source) මෘදුකාංගයක් වනවා මෙන්ම එය නොමිලයේ ලබා දෙන මෘදුකාංගයක්. Open Sourse කියන එක ඉතින් හැමෝම දන්නවනෙ.ඒක ගැන කියල දෙන්න දෙයක්නම් නැතුව ඇති. අනික ඉතින් ඔය වෙන languages වගේ නෙවී නිකන්ම පාවිච්චි කරන්න පුලුවන් කියන එකේ තියෙන වාසියත් ආයෙ අමුතුවෙන් කියල දෙන්න දෙයක් නෑනෙ.


Cross Platform to Develop to Deploy and to Use.


මේ කියන්නෙ ඉතින් මේ language එකට පාවිච්චි කරන Platform එක වැදගත් වෙන්නෙ නෑ කියන එක තමා.ඔයාලා පාවිච්චි කරන්නෙ Windows ද Mac ද Linux ද කියන එක වැදගත් නෑ PHP වලට. ආයෙ වෙනම ඒ ඒ platform වලට අදාලව code එක වෙනස් කිරීමක් කොහෙත්ම අවශ්‍ය නෑ. ඔනෑම Platform (Linux, mac, UNIX, Windows ) එකක තැනීම, නැරබීම, ක්‍රියා කරවීම සිදුකල හැකිය.


Powerful/ Robust/ Scalable.


ඔයාලා site එකක් develop කරනකොටනම් මේ වල තියෙන වැදගත්කම අවබෝධ වෙන එකක් නෑ.නමුත් අන්තිමටම තමන්ගෙ site එක host කරාට පස්සෙ මේව වැදගත් වෙනවා.තමන්ගෙ site එකට එන traffic ප්‍රමාණය site එක crash නොවී handle කරන්න පුලුවන්ද කියන එක ඒ වගෙම අනාගතයෙදි තමන්ට තමන්ගෙ site එක විශාල කරගන්න හැකියාවක් තියෙනවද වගේ අවශ්‍යතා තමයි මේවයින් අදහස් වෙන්නෙ.


Web Development Specific.


මතකනෙ මුලින් කීවා වගේම PHP කියන්නෙ Web Developments වලටම හැඳුනු language එකක්.අර යටගියාව බලනකොට කීවා මතකයි කියලා හිතනවා.වෙනත් languages වලිනුත් web development වලට අදාල features තිබුනට ගොඩාක් ඒවා web development වලටම හදපුවා නෙවී.ඉතින් ඒවගෙ වල තියෙන අනවශ්‍ය features බොරුවට කිරීමක් අවශ්‍ය වෙන්නෙ නෑ PHP use කරනකොට.


OO Concept (Starting with V5).


එමෙන්ම PHP  PHP  වෙබ් පිටු වැඩිදියුනු (Develop) කිරීම උදෙසා විශේෂ වූ Object Oriented ගති ලක්ෂන සහිත බලවත් පරිගනක භාශාවකි. Object Oriented feature එකත් අපි හැමෝම දන්නවනෙ. මේක හඳුන්වා දුන්නෙ V5 එකත් එක්ක තමයි.


Great Documentations.


PHP සම්බන්දව ඉගෙනගන්න ගොඩාක් documents හොයාගන්න පුලුවන්. ඉතින් අවශ්‍යතාවයක් තියෙනවානම් පොඩ්ඩක් මහන්සි වුනානම් ලේසියෙන්ම ගොඩ දාගන්න පුලුවන්. PHP වලට අදාලව ප්‍රධානම site එක වෙන්නෙ PHP නිපැයුම් කරුවන්ගේ site එක වැඩි ඉගනුමට PHP නිපැයුම් කරුවන්ගේ පිටුවෙහිද ආධාර පවතී පොඩ්ඩක් ගිහින් ඔලුව දාල බැලුවට පාඩුවක්නම් වෙන්නෙ නෑ. දැනට ලොව වෙබ් අඩවි අතුරින් මිලියන 20 පමන වෙබ් අඩවි PHP උපයේගී කර සැකසූ ඒවායි.

යටගියාව.


සාමාන්‍යයෙන් ඕනිම Language එකක් ඉගෙන ගන්නකොට මුලින්ම කරන්නෙ යටගියාව හාර අවුස්සලා බලන එකනෙ.ඒ නිසා අද අපි බලමු කොහොමද PHP මේ අද තියෙන තත්වෙට විකශනය වුනේ කියලා.

1 වන සංස්කරණය : 1994


මේක ආරම්භ කරලා තියෙන්නේ 1994 Rasmus Lerdorf කියන පුද්ගලයා විසිල් ලියන C පරිගනක භාශාව උපයෝගී කරගනිම්න් නිර්මානය කරන ලද programme එකක් හරහා. ඔහු විසින් ඔහුගේ personnal Home Page එක නඩත්තුවට යොදා ගෙන තිබූ Perl Script codes වගයක් වෙනුවට තමයි මුලින්ම PHP යොදාගෙන තියෙන්නෙ.

2 වන සංස්කරණය : 1995 


මේක මීට වඩා විධිමත් විදියට කරපු Language එකක්. Rasmus Lerdorf විසින්ම තමාගේ පුද්ගලික වේබ් අඩවිය වැඩි දියුනු කිරීමට යොදාගත් අතර PHP යන් නාමය ඉදිරිපත් කෙරිනි. මේක නිකුත් කරේ ඔහු විසින් 1995 දී. මේකෙදී කලින් Version එකේ තිබ්බ features වැඩි දියුණු කරාට අමතරව මේකෙ code එකක් තිබ්බා වෙබ් form මගින් submit වෙන informations interprit කරන්න පුළුවන් විදියේ.මේක තමා මුල්ම public release එක. මේ වෙනකොට PHP කියලා භාවිතා කරේ Personal Home Page Tools කියන එකට.

3 වන සංස්කරණය : 1998 


මේකේදි මේ හැමදේම වෙනස් වුනා. වෙන ඩිවලොපර්ස්ලා දෙන්නෙක් මේකට සම්බන්ධ වුනා. ඒ Zeev Suraski හා Andi Gutmans. මේ අය PHP වල ප්‍රධානම කොටස් නැවත ලිවීමකට ලක්කලා 1997 හා 1998 අතර කාලය තුළ. ඔවුන් PHP නැවත නම් කිරීමකටත් ලක්කලා. ඒ නම වුනේ “PHP : Hypertext Preprocessor”. V3 එක තාමත් වෙබ් බ්‍රව්සර් වල සපොර්ට් කරත් ඒක නැවත වැඩිදියුනු වීමක් හෝ සකීයව පවත්වාගෙන යාමක් කරන්නෙ නෑ.

4 වන සංස්කරණය : 2000 


මේකේදි මේ හැමදේම නැවත වෙනස් වුනා. Zeev Suraski හා Andi Gutmans අලුත් කම්පණි එකක් ආරම්භ කලා Zend කියලා. මේ කම්පණි එක PHP වල හරයම නැවත ලිවීමකට ලක්කලා. මේක විශාල update වගේම ගොඩක් features හඳුන්වාදීමක් වුනා. 2000 මැයි වල තමා මේක Release කරේ.

5 වන සංස්කරණය : 2004


මේක 2004 තමයි Release කරේ. V5 වල ගොඩක් වැදි දියුණු කරපු features දකින්න පුලුවන්. උදාහරණය වශයෙන් OOP හා හොඳ DB සම්බන්ධතාවයන් දක්වන්න පුලුවන්. ඒ වගේම PHP වල දැනට භාවිතා වන version එක වෙන්නෙත් මේක.



Rasmus Lerdorf


Andi Gutmans


Zeev Suraski

  

PHP ස්ථාපනය සඳහා අවශ්‍ය පරිගනකයේ අවම සක්‍යතා


PHP අත්හදා බැලීම සඳහා පරිගනකයට තිබිය යුතු අවශ්‍යතා මොනවාදයි අපි දැන ගනිමු

මෘදුකාංග

PHP අත්හදා බැලීම සඳහා පරිගනකයට PHP පරිගනක භාෂාව, වෙබ් සර්වර් එකත් අත්‍යවශ්‍ය වේ. එමෙන්ම data base එකක්ද අවශ්‍ය වේ. මෙහිදී මම වෙබ් සර්වර් එක ලෙස Apache (ඇපාචි) භාවිතා කරම්. එය සුලභවම භාවිතා කරණ වෙබ් සර්වර් එක වන අතර එමගින් තමන් වැඩ කරන පරිගනකයම සර්වර් එකක් ලෙස ක්‍රියා කරවයි. එහිදී අත්හදා බැලීම් සදහා අන්තර් ජාලය අවශ්‍යතාවක් ඇති නොවේ. 

-------------------------------------------------------------------------------------------
මේහෙයුම් පද්දතිය.

Microsoft Windows
Windows 98/ Me හෝ 
Windows NT/ 2000/XP/2003/Vista/windows 7 

නමුත් වෙබ් සර්වර් එක ලෙස Apache භාවිතා කරන්නේ නම්, Apache ස්තාපිත කල හැක්කේ 
Windows NT/ 2000/XP/2003/Vista/windows 7

යන මෙහෙයුම් පද්දති තුල පමනි.

-------------------------------------------------------------------------------------------

මෙම මෘදුකාංග 

1. Apache : http.apache.org 
2. PHP : www.php.net 
3. My SQL : dev.mysql.com 

යන වෙබ් අඩවි වලින් නොමිලයේ භාගත කල හැකිය. නමුත් මීට වඩා පහසු ක්‍රමයක්ද පවතී. එනම් පැකේජයක් ලෙස ඇති WAMP හෝ XAMPP තුලිනි. 



මෙහිදී මම WAMP මෘදුකාංගය භාවිතා කරමි. නමුත් ඔබට මෙය අත්හදා බැලීමට ඹබ කැමති ක්‍රමයක් හෝ පුරුදු ක්‍රමයක් භාවිතා කල හැක.

PHP ස්ථාපනය කිරීම. (Installation)


PHP install කරගන්න මෙන්න මෙවා ටික තියෙන්න ඕනි.


Web Server
PHP
Database
Text Editor
Web Browser


ඔන්න කලමනා ටික. මේ ටික තියේනම් ඉතින් develop කරන්න පටන් ගන්න පුළුවන්. අපිට ඉතින් ඔය වෙබ් සර්වර් එහෙම කොහින්ද? ඒ නිසා අපි කරන්නෙ අපේ Machine එකේම ඔය කියන server එක හඳාගෙන අපේම browser එකෙන් බලන එක තමයි.


වැඩේට අදාල කලමනා ටික වෙක වෙන වෙනම අවශ්‍යනම් ස්ථාපනය කර ගන්න පුලුවන්. නමුත් අපි ඔක්කොම තියෙන එක පැකේජ් එකක් භාවිතා කරමු අපේ පහසුවට.

කියලා දෙන්න යන්නෙනම් කොහොමද windows machine එකක මේක ස්ථාපනය කරගන්නෙ කියලා. ඒ නිසා මම භාවිතා කරන්නෙ ගොඩක්ම ජනප්‍රිය පැකේජ් එක වුන WAMP Server. තව වෙන වෙන platform වලට අදාලව භාවිතා කරන්න පුලුවන් versions තියෙනවා. කැමති කෙනෙකුට ඒවා භාවිතා කරන්න පුලුවනි.

මේ තියෙන්නෙ මම අර කලින් ඔයාලට දීපු  wamp (http://www.wampserver.com) Link එක දැන් Click කරලා ගිහින් බලන්නකො. ඔය තියෙන්නෙ ප්‍රංශ භාෂාවෙන් මොන මොනවද. හරි දැන් මෙතනින් language එක මාරු කරගන්නකො.


දැන් site එකේ පල්ලහාට යන්න.ඔන්න එතකොට හම්බෙනවා මේ Download Link එක.Click කරණ එක තමයි කරන්න තියෙන්නෙ.


දැන් ඉතිං file එක save කරගන්නයි තියෙන්නෙ.


ඊට පස්සේ පිර්ගනකයේ Save කර ගත්ත File එක double click කරලා පල්ලෙහා තියෙන විදියට කරගන්නයි තියෙන්නෙ.










වැඩේ හරි දැන්..

දැන් ඩෙස්ක්ටොප් එකට ආපු icon එක double click කරන්න.


ඉන් පසු කිසිම දෝශයක් රහිතව ස්ථාපනය වී නම් task bar හි පහත ආකාරයේ ලෝගෝ එකක් මතු වේ. එය පලමුව රතු පැහැද දෙවනුව තැඹිලි පැහැ ද වී අවසානයේ කොළ පැහැ විය යුතුය. කොළ පැහැ නොවුනේ නම් පරිගනකයේ වෙනත් මෘදුකාංගයකින් බාදා ඇති වීමක් නිසා විය හැකිය.


එතකොට පල්ලෙහා taskbar එකේ පෙන්නයි මෙන්න මෙහෙම icon එකක්.


දැන් මේක left click කරාම ඔන්න ඔය මෙනු එක පෙන්නනවා.


පොඩ්ඩක් බලමු මොනාද මේ තියෙන්නෙ කියලා.

Localhost – මේ තියෙන්නෙ ඔයාලගෙ machine එකේ install කරගත්ත සර්වර් එකට ඇක්සස් කරන තැන.මේක ක්ලික් කරාම ඔයාලගේ Local Browser එක open වෙනවා.එතනින් ඔයාලට අවශ්‍ය PHP files run කරගන්න පුළුවන්.

phpMyAdmin – මේක තමා අපි install කරගත්ත MySQL Database එකට ඇක්සස් කරන තැන.

www directory – මෙතනට තමා අපි ලියන PHP files ටික දාගන්න ඕනි.මෙතන තියෙන ඒව තමයි අපිට run කරලා බලාගන්න පුළුවන් වෙන්නෙ.

අනිත්වා අපි කරගත්ත Apache, MySQL, PHP වලට අදාල ඒවා.ඔය Services කියන්නෙත් ඒ වලට අදාල Services තමයි.සාමාන්‍යයෙන් අපි config file එකක change එකක් කරොත් අපිට මේ services restart කරන්න වෙනවා.

දැන් කොළ පැහැති වූ බොත්තම මත left click කර ලැබෙන ඉහත ආකාරයේ මෙනුවේ Localhost යන්න තෝරන්න. එවිට පහත ආකාරයේ පිටුනක් localhost home පිටුව ලෙස ලෝඩ් වේ. මෙය ලැබුනි නම් ඔබ සාර්තකව wampserver ස්ථාපනය කර ඇත.


අද පලවෙනි දවසට කියල දීපු ටික වැඩි ද මන්ද කියලත් හිතෙනවා, කොහොම උනත් php කරනවානම් අත ගගා ඉඳල වැඩක් නැනේ ඉක්මනට කරගෙන යමු. එහෙනම් තවත් මේ වගේ කොටසක් අරගෙන ඔයාල හමුවෙන්න එනකල් ඔයාලට ජය !!!!

Written by
චන්දරේ...

Chandare Guru

Phasellus facilisis convallis metus, ut imperdiet augue auctor nec. Duis at velit id augue lobortis porta. Sed varius, enim accumsan aliquam tincidunt, tortor urna vulputate quam, eget finibus urna est in augue.

3 comments:

  1. Thanks.. Waiting for Next Lesson...

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි සහෝදරය. ඔබට අපගේ පාඩම් මාලාවේ දෙවැනි පාඩම සමග දැන් එකතු වෙන්න පුළුවන්. ප්‍රමාදය සම්බන්ධව මාගේ කනගාටුව !!! නමුත් මීළඟ පොස්ටුව ඉක්මනින් අරගෙන එන්න මම බලාපොරොත්තු වෙනවා.

      Delete
  2. Thank you aiye... Digatama karagena yanna me PHP Language eka. Jaya weva.

    ReplyDelete