Pages

HTML 04 ( Text Formatting )


ඉතින් කොහොමද යාලුවනේ ඔන්න අදත් මම HTML ලිපි මාලාවේ තවත් ලිපියක් අරගෙන ඔයාලව හමුවෙන්න අවේ අපි මීට කලින් කතා කරපු පසු ගිය පාඩමේදී HTML document එකකට Paragraphs වගේ Tags එකතු කරගන්නේ කියන දේ කතා කලා. අද අපි කතා කරමු HTML document එකක තියෙන text කොහොමද format කරගන්නේ කියල.

අපි කවුරුත් වගේ Word document හඳල තියෙනවනේ අපිට ඒ අවස්ථාවන් වලට අනුකුලව අපි ලියන අකුරු හැඩගන්වා ගැනීම සඳහා අපි විවිද ක්‍රම භාවිතා කරනවා ඉතින් අපි එතකොට නිතරම වගේ පාවිච්චි කරන ක්‍රමයක් තමයි මේ text formatting කියන්නේ. ඒ විදිහටම අපිට HTML document එකකත් text bold කරන්න italic කරන්න underline කරන්න සහ තවත් දේ කරන්න පුළුවන්. 

Bold


HTML document එකක text bold කරන්න අපි භාවිතා කරන tag එක <b> කියන tag එක. පහත උදාහරනය බලන්නකෝ.


ඒක පෙන්නේ මෙන්න මේ විදිහට,



Italic ​සහ Underline


මේ දේ කරන්න අපි භාවිතා කරන්නනේ පිළිවෙලින් <i> සහ <u> කියන tags, ඒකත් අපි උදාහරනයකින්ම පැහැදිලි කර ගනිමුකෝ.


ඒක පේන්නේ මෙන්න මේ වගේ,




ඔයාලට පේනවා ඇති දෙවැන line එකේදී මම අපි කතා කරපු tags 3නම එකම text කොටසක් සඳහා යොදාගෙන තියෙන බව ඒ වගේ වෙලාවකදී අපි පිළිවෙලින් tags open කරගෙන යනවා වගේම ඒ tags අන්තිමටම open කල tag එක මුළින්ම close වෙන ආකාරයට පිළිවෙලට close කල යුතුයි. එහෙම නැති වුනත් ඒක පේන එක වෙනස් නොවෙන්න පුළුවන් ඒ විදිහට කරන එක හොද පුරුද්දක්. එවගේම මෙය tags ඇතුලේ tags ලියන ඕනෑම අවස්ථාවකට පොදුයි.


Superscript සහ Supscript



මේ සඳහා අපි යොදා ගන්නේ පිළිවෙලින් <sup> සහ <sub> කියන tags දෙක. ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි,



ඒක පේන්නේ,




අපි උගත් කිහිපයක් එක උදාහරණයකින් බලමු, පහත උදාහරණය සලකන්න.

<html>
<body>
<p><b> Sri lanka </b></p>
<p><strong> Sri lanka </strong></p>
<p><big> Sri lanka </big></p>
<p><i> Sri lanka </i></p>
<p><em> Sri lanka </em></p>
<p><code> Sri lanka </code></p>
<p>our<sub> Sri lanka </sub> one <sup> Sri lanka </sup></p>
</body>
</html>

මෙහි ප්‍රතිපලය පහත වේ.



HTML Fonts


<font size="5" face="arial" color="red">
NSBM
</font>

මෙහි ප්‍රතිපලය පහත වේ.


HTML වල අලුත්ම version එක වන HTML 5 හි <font> එක ඉවත් කර එය CSS වලට ඇතුල් කර ඇත.

font size="5" - ලියන වාක්‍යයේ ප්‍රමාණය වෙනස් කල හැක. 
face="arial"  - ලියන වාක්‍යයේ font එක
color="red">  - ලියන වාක්‍යයේ වර්ණය 



Other tags 




HTML formatting tags ගොඩක් තියෙනවා ඒ ඔක්කොම උදාහරණ මගින් පෙන්වන්න අමාරුනිසා මම ඒවා ගැන පහත සඳහන් කරනව.


TagDescription
<b>Defines bold text
<em>Defines emphasized text 
<i>Defines a part of text in an alternate voice or mood
<small>Defines smaller text
<strong>Defines important text
<sub>Defines subscripted text
<sup>Defines superscripted text
<ins>Defines inserted text
<del>Defines deleted text
HTML "Computer Output" Tags
TagDescription
<code>Defines computer code text
<kbd>Defines keyboard text 
<samp>Defines sample computer code
<var>Defines a variable
<pre>Defines preformatted text
HTML Citations, Quotations, and Definition Tags
TagDescription
<abbr>Defines an abbreviation or acronym
<address>Defines contact information for the author/owner of a document
<bdo>Defines the text direction
<blockquote>Defines a section that is quoted from another source
<q>Defines an inline (short) quotation
<cite>Defines the title of a work
<dfn>Defines a definition term


උපුටා ගැනීම W3schools වෙබ් අඩවියෙන්

තවත් වැදගත් දෙයක් තමයි අද බොහොමයක් web browsers <strong> tag එක <b> tag එක ලෙසටත් <em> tag එක <i> tag එක ලෙසටත් තමයි render කරන්නේ. මම හිතනවා ඔයාලට මේ පාඩමේ මම කියල දීපු කොටස් තේරුනා කියල. නොතේරුන යමක් තියනවනම් මට ඒ සම්බන්ධව Comment මගින් කියන්න කියල මම ආදරෙන් මගේ යාලුවන්ගෙන් ඉල්ලනවා. එහෙනම් යාලුවනේ තවත් මේ වගේම පාඩමක් අරගෙන ඔයාලව හමුවෙන්න එනකල් ඔයාලට ජය !!!

Written by
චන්දරේ...

Chandare Guru

Phasellus facilisis convallis metus, ut imperdiet augue auctor nec. Duis at velit id augue lobortis porta. Sed varius, enim accumsan aliquam tincidunt, tortor urna vulputate quam, eget finibus urna est in augue.

No comments:

Post a Comment