Pages

Root කළා වගේ නෙමෙයි දැන් කොහොමද Unroot කරන්නේ ?


ඇත්තටම මේ ලිපිය අරගෙන එන්න ප්‍රධානම හේතුව වුනේ නේලංග සහෝදරයා ඉදිරිපත් කරපු ප්‍රශ්නයක් ඇසුරෙන්. ඒ ප්‍රශ්නයට  උත්තරය Comment එකක් විදියට දීලා මදි කියලා මට හිතුනා, මොකද ඔහුට වගේම අපේ අනිත් යාලුවන්ටත් මේ ප්‍රශ්නයම ඇති වෙලා ඇති. ඔහුගේ ප්‍රශ්නය වුනේ කොහොමද අපි Root කරගත්ත Android උපාංගයක් සම්පුර්ණයෙන්ම Unroot කරගන්නේ කියන කාරණය පිළිඹදව. ඒ ගැන තමයි අද කතා කරන්න හිතුවේ.

මොකද මේ කරණය ඉතාමත් වැදගත් වන්නේ සමහර විට ඔබගේ Android උපාංගයට පැමිණෙන Official Updates ලබාගැනීමට Root කිරීම තුලින් භාධාවක් ඇති වීම, ඒ වගේම සමහර විටෙකදී තමන්ගේ උපාංගයේ දෝෂයක් ඇතිවී එය Repairing Center එකකට භාරදීමේදී Root කර තිබු කල එම උපාංගය සඳහා ඔවුන් වගකීමක් නොදරන බවත් යම් විටෙක කෙසේ වත් Rooted උපාංග භාර නොගැනීම වැනි මෙකි නොකී කරදර වලට මුහුණ පෑමටද සිදු වෙනවා. ඒ නිසා මෙන්න මේ වගේ කරදර වලින් මිදෙන්න පුළුවන් මේ ලිපිය කියවීමෙන් අනතුරුව.

මේ ලිපිය ලියන්න ප්‍රථමව තව දෙයක් කියන්නම ඕනි. මේ කියල දෙන්න යන්නෙත් එක්තරා විදියක Unroot කරන විදියක් තමයි. මම අද මේ කියල දෙන එක ක්‍රමයකින් වත් යහලුවනේ ඔයාලගේ Android උපාංගයේ Custom Recovery එක අයින් වෙන්නේ නැහැ. ඔයාල උපාංගයට Custom Recovery වැඩසටහනක් ඇතුලත් කරලා තියනවනම් එය බැලු සැනින් මෙය Root කර තිබු උපාංගයක් බව නොසැන්ගවිය හැකි කරුණකි. මේ වෙනුවෙන් මා Custom Recovery වැඩසටහනක් ඉවත් කරන අයුරු ලිපියකින් රැගෙන එන තුරු මා දැනට යෝජනා කරන්නේ ඔබ සතුව හෝ අන්තරජාලයෙන් භාගත කරගත් Official  re-install stock recovery හෝ re-install stock firmware එකක් පවතී නම් එය උපාංගය තුල පිහිටුවා ගන්නා ලෙසයි. නමුත් මම මේ පාඩම මගින් කියල දෙන ක්‍රමය මගින් Custom Recovery වැඩසටහනක් ඇතුලත් නොකළ උපාංග නැවත Official Stock එක බවට පත් වේ.

මම මේ ලිපියෙන් ඔයාලට Android උපාංගයක් Unroot කරන ක්‍රම තුනක් අරගෙන එන්න හිතුවා තව මිට වඩා ක්‍රම තියෙන්න පුළුවන් නමුත් මා දන්නා පරිදි හොඳ සහ ජනප්‍රිය ක්‍රම තුනක් තමයි අද මම අරගෙන එන්නේ.

හැබැයි යාලුවනේ හැමදාමත් වගේ අදත් කියන්න ඕනි ඔබේ උපාංගය සම්බන්ධව මා විසින් වගකීමක් නොදරන බවත්. එහෙනම් වැඩිය කතා නොකර පාඩමට අනුගත වෙමු.

01. OTA Rootkeeper මගින් Unroot කරගැනීම.

මේ සඳහා පළමුව OTA Rootkeeper මෘදුකාංගය, ඔයාලගේ Android උපාංගය මගින්ම  Play store මගින් භාගත කරගෙන Install කර ගන්න.


ඊට පස්සේ Install කරගත්ත මෘදුකාංගය Open කර ගන්න


ඊට පස්සේ ඉහත රුපයේ පෙනෙන ආකාරයට Status හි ඇති Options හතරම Active කර ඉන් පසුව Temp Unroot Button එක Click කල විට ඔබගේ Android උපාංගය තාවකාලික ලෙස Unroot වන අතර එමගින් Root කිරීමට යොදාගත් Files Backup එකක් ලෙස තබාගනී. තවද ස්ථිර ලෙසම සිදුකිරීමට නම් එම සුරැකි Backup එක Delete කිරීමටද මෘදුකාංග නිෂ්පාදකයින් අංගයක් සලසා දී තිබේ. එම Button ද ඔබට දැකගත හැකිය. තවද එමගින් ගිලිහි ගිය Root Permissions නැවත ලබාගැනීමට නම් Restore Root යන්න Click කිරීමෙන් නැවත  උපාංගය Root වේ.

02. Super SU මගින් Unroot කර ගැනීම.

මේ සඳහා පළමුව Super SU මෘදුකාංගය, ඔයාලගේ Android උපාංගය මගින්ම  Play store මගින් භාගත කරගෙන Install කර ගන්න. ඔබගේ උපාංගය Root කිරීමට යොදා ගත්තේද මෙම මෘදුකාංගයම නම් නැවත වරක් එය භාගත කර ගැනීමට අවශ්‍ය නොමැත. තවද මේමගින් කියාදීමට බලාපොරොත්තු වන ක්‍රමය අනෙක් Root කිරීමට යොදාගන්නා මෘදුකාංග වලද යම් විටෙක පැවතීමට ඉඩ ඇත එය පිරික්සා බලා එම අංගය පවතී නම් Super SU නිස්කාරණයේ භාගත කල යුතු නැත.


ඉන් පසුව Super SU Open කර එහි Settings වල Full Unroot යන්න තෝරා දෙන්න. ඉන් පසුව එන Warning එකට Continue තොරාදෙන්න. එය පහත රුපයෙන් දැකගත හැකිය.


මෙම ක්‍රියාවලියෙන් අනතුරුව උපාංගය Reboot කර පසුව Drawer හි පවතින Super User වැඩසටහන Uninstall කරන්න. එච්චරයි ඉන් පසුව නැවත වරක් Reboot කිරීමෙන් අනතුරුව ඔබ සතුව ඇත්තේ Root නොකළ උපාංගයකි.

03. මෘදුකාංග භාවිතයෙන් තොරව Manually Unroot කර ගැනීම.

මෙම ක්‍රමය මට පෙනෙන ආකාරයට නම් උපාංගය සමග සහයෝගයෙන් කරන කටයුත්තක් නම් නොවේ එක්තරා විදියක බලහත්කාරකමකි. මෙම ක්‍රමය මගින් උපාංගයක් Unroot කරනුයේ උපාංගයේ දත්ත ඉවත් කිරීම මගිනි.
මේ සඳහා ES File Explorer නම් මෘදුකාංගය භාගත කරගැනීමට සිදුවනවා. එය ඔයාලගේ Android උපාංගය මගින්ම  Play store මගින් භාගත කරගෙන Install කර ගන්න.


මේ සඳහා හැබැයි Root කරලා තියෙන්න ඕනි මොකද අපි ES File Explorer මගින් තමයි Root එකට රිංගන්න හිතාගෙන ඉන්නේ. ඊට පස්සේ පහත රුපයේ ආකාරයට Android Root එකට රිංගන්න Favorites හි ඇති Root Access Button එක Click කරන්න.


හරි දැන් ඔය Path එකට ගියාට අපිට Root එක බලන්න වත් වෙනස් කරන්න වත් බැහැ ඒ සඳහා ඔයාගේ උපාංගයේ Menu Key එක Click කරලා Settings වලට යන්න එතනින් Root settings වල පවතින Root Explorer හා Mount System යන Options දෙකම Active කරන්න. පහත රුප සටහනින් ඒක කරන විදිය බලන්න පුළුවන්.


හරි ඊට පස්සේ,

/system/bin/su
/system/xbin/su
/system/app/Superuser.apk

යන Files තුනම Root එකෙන් Remove කරන්න. ඒවා පහල රුප සටහනින් බලාගන්න පුළුවන් ඔයාලට.


ඊට පස්සේ ඔයාගේ උපාංගය Reboot කරලම බලන්නකෝ.

මම හිතනවා මේ පාඩම ඔයාලට වැදගත් එකක් වෙන්න ඇති කියල. තවත් මේ වගේ ප්‍රශ්න ඇසීම තුලින් උනත් ඔයාලට ලිපි අරගෙන එන්න පුළුවන්. ඒ නිසා මොනවහරි ප්‍රශ්නයක් මේ පාඩම් හෝ වෙනත් පාඩම් සම්බන්ධයෙන් තියනවනම් කොමෙන්ටු මගින් අහන්න.

එහෙනම් යාලුවනේ තවත් මේ වගේම වැදගත් ලිපියකින් ඔයාල හමුවෙන තුරු ඔයාලට ජය !!!!

Written by
චන්දරේ...

Chandare Guru

Phasellus facilisis convallis metus, ut imperdiet augue auctor nec. Duis at velit id augue lobortis porta. Sed varius, enim accumsan aliquam tincidunt, tortor urna vulputate quam, eget finibus urna est in augue.

No comments:

Post a Comment