Pages

චන්දරේ ගුරු Android මෘදුකාංගය ගැන...


චන්දරේ ගුරු විසින් පසුගිය දිනෙක ඔයාලට අරගෙන ආපු චන්දරේ ගුරා Android මෘදුකාංගය ගැන යමක් ඔයාල හමුවේ තියන්න අද මම හිතුවා, කොහොමද මේ මෘදුකාංගය සමග ඔබ සම්බන්ධ වෙන්නේ සහ මේ මෘදුකාංගයේ තියෙන අංග ගැන කියන්න මම අද මේ ලිපිය ලියන්න හිතුවා.

හරි ඔයාලා මේ වෙනකොටත් මේ මෘදුකාංගය බාගත කරගෙන ඔයාලගේ Android උපාංග වලට ස්ථාපිත කරගෙන නැත්නම් මෙතැනින් ඔයාලට මෘදුකාංගය බාගත කරගන්න පුළුවන්.


01 . චන්දරේ ගුරා ඉගෙනුම් චක්‍රය සමග  එකවර සම්බන්ධ වීම.



මෙහිදී මෙම මෘදුකාංගය මගින් චන්දරේ ගුරා Fb පිටුව , Blog පත සහ චන්දරේ ගුරා YouTube චැනලය සමග එකවර සම්බන්ධ විය හැකි අතර. ඔබට වෙන වෙනම ඒවාට ඇතුළු වීමකින් තොරව එම අංග තුනට අධාලව ඇති කරුණු එකම තැනකින් විශ්ලේෂණය කල හැකිය. තවද එම එක් එක් කොටසට අධාලව ඇති පොස්ටු ගණන පැති මෙනුවේ සඳහන් වන අතර එම එක කොටසක සඳහන් වේ. ඔබ විසින් කියවනු නොලැබූ පොස්ටු තද අකුරින්ද කියවූ පොස්ටු ලා පාට අකුරකින්ද සඳහන් කර ඇත. එමගින් ඔබට නැවත මෘදුකාංගය හරහා සම්බන්ධ වී නව පොස්ටු පමණක් කියවීමට හැකිය. එමගින් ඔබේ දත්ත සඳහා වියදම් වන මුදල් සහ කාලය ඉතිරි කර ගත හැකිය.

02 . Syncing   



මෙයද පරිශීලකයින්ට ඉතාමත් වැදගත් වූ අංගයක් වන අතර මෙහිදී මුලිකවම සිදු වන්නේ පරිශීලකයින්ගේ වැය වන දත්ත මෙමගින් සුරැකීමයි. මෙම මෘදුකාංගය මගින් එක වරක් පමණක් අන්තරජාලය සමග සම්බන්ධ වී යාවත්කාලින කරගත් පසුව නැවත නැවතත් අන්තර්ගතයන් කියවීමට අන්තරජාලය භාවිතා කල යුතු නැති අතර එමගින් එතෙක් ඇතුලත් කල ඇති සියලුම අන්තර්ගතයන් මෘදුකාංගය මගින් සුරකි, නමුත්  එමගින් යාවත්කාලින කරගත් දින දක්වා පමණක් අන්තර්ගතයන් එමගින් කියවිය හැකි අතරම ඊට අමතරව නවතම අන්තර්ගතයන් කියවීමට නම් නැවත වරක් යාවත්කාලින කල යුතුය.

03 . අන්තර්ගතයන් යහළුවන් සමග බෙදා හදා ගැනීම.


මෙම අංගය මගින් ඔබ කියවන ඔබ සිතගත් වැදගත් පොස්ටු හා දෘශ්‍ය දත්ත විවිධ ආකාරයෙන් තම යහළුවන් සමග බෙදාහදා ගැනීමට වෙනම අංගයක් සකසා දී ඇත.

04 . Widgets


ඔබගේ Android උපාංගයට මෙම මෘදුකාංගය මගින් Widgets දෙකක් ලබා දෙන අතර , මෘදුකාංගය ස්ථාපිත කල විගසම උපාංගයට මෙම Widgets ලැබෙයි. තවද මෙම Widgets දෙකද විවිධ ප්‍රමාණයන්ගෙන් සකසා ගත හැකි අතර මෙම Widgets උපාංගයට ඇතුලත් කිරීමේදී ඔබට බ්ලොග් පත සඳහා , Fb පිටුව සඳහා සහ You tube චැනලය සඳහාද වෙන වෙනම Widgets යෙදිය හැකිය.

05 . සිංහල භාෂාව සඳහා සහාය දැක්වීම 



මෙම මෘදුකාංගය මගින් සිංහල අන්තර්ගත කර ඇති සියලුම උපාංග වල ඉතාමත් හොඳින් අන්තර්ගතයන් හි ඇති සිංහල පොස්ටු ක්‍රියාත්මක වේ.

06 . Notifications



මෙම මෘදුකාංගය මගින් නිවේදනයන් ලබා දෙන අතර ඔබ යාවත්කාලින කල දිනට පසු Fb පිටුව , බ්ලොග් පිටුව හෝ චැනලය වෙත කිසියම් නව අන්තර්ගතයක් ඇතුලත් වූ වහාම මෘදුකාංගය මගින් ඔබට නිවේදනයක් ලබා දෙයි.

07 .  Quick Settings 



මෙමගින් මෘදුකාංගයේ  සැකසීම් කරගත හැකි අතර

1. අන්තර්ගතයන් යාවත්කාලින කරීම,
2. මෘදුකාංගයේ කි වැනි සංස්කරණය දැයි දන ගැනීමට,
3. උදව්,
4. යෝජනා හා චෝදනා යොමු කිරීමට,
5. මෘදුකාංගය මගින් ලබා දෙන නිවේදනයන් සම්බන්ධ සැකසීම්,
6. භාෂාව සැකසීම.

සහ තවත් සැකසීම් රාශියක්  මෙමගින් සිදුකරගත හැකිය.

මේ වගේම ගොඩක් පහසුකම් මෙම මෘදුකාංගය මගින් ඔයාලට ලබා දීලා තියෙනවා. මේ Blog එකත් එක්ක රැඳිලා ඉන්න යාලුවෝ හැමෝටම මම ආරාධනා කරනවා මේ මෘදුකාංගය භාගත කරගෙන භාවිතා කරලා යෝජනා, චෝදනා කොමෙන්ටු මගින් දක්වන්න කියලා. මොකද මේක තාම පළමුවන සංස්කරණය වන නිසා ඔයාලගේ යෝජනා චෝදනා මත දෙවෙනි සංස්කරණයක් එළිදක්වන්න අදහසක් තියෙනවා.

එහෙනම් ඔයාලට වැදගත් වෙන පාඩමක් අරගෙන එනකම් ඔයාලට ජය !!!

Written by
චන්දරේ...

Chandare Guru

Phasellus facilisis convallis metus, ut imperdiet augue auctor nec. Duis at velit id augue lobortis porta. Sed varius, enim accumsan aliquam tincidunt, tortor urna vulputate quam, eget finibus urna est in augue.

No comments:

Post a Comment