Pages

කට්ටිය Android ෆෝන් එකට සිංහල දාන්න කැමති Root නොකරද? Root කරලද?


ඔන්න අදත් මම අපේ යාළුවන්ට වැදගත් වෙන විදියේ ලිපියක් අරගෙන එන්න හිතුව. මේ ලිපියත් අපේ Android පාඩම සමග සම්බන්ධ වෙලා  ඉන්න අපේ යාලුවෝ වෙනුවෙන්ම තමයි. සමහර යාලුවෝ නම් අද මම කතා කරන්න යන දේ සම්බන්ධව දන්නවත් ඇති එත් මේ සම්බන්ධව නොදන්නා යාලුවෝ වෙනුවෙන් නම් මේ පාඩම වැගදත් පාඩමක් වෙයි කියල මම හිතනවා. 


අද මම කියල දෙන්න යන්නේ කොහොමද Android උපාංගයකට සිංහල ඇතුලත් කරගන්නේ කියල සමහර යාලුවෝ මගෙන්ම අහනවා කොහොමද මචන් චන්දරේ ගුරා Android App එකෙන් Article කියවන්නේ සිංහල පෙන්නේ නැනේ කියලා. ඔන්න ඒ වෙනුවෙන් මම අද ලිපියක් අරගෙන එන්න හිතුවා. හැබැයි අද මම කියල දෙන්නේ මේ පාඩම කොටස් දෙකක් යටතේ ඒ තමයි කොහොමද Android උපාංගයක් Root කර හා Root කිරීමකින් තොරව සිංහල ඇතුලත් කරන්නේ කියලා. මොකද සමහර යහළුවෝ Root කිරීමට දක්වන අකමැත්ත සහ Warranty කාල සිමාව තුල සිටින යහළුවන්ට මා කලින් සඳහන් කල Root කිරීමකින් තොරව තමන්ගේ උපාංගයට සිංහල ඇතුලත් කරගන්න ලෙහෙසියෙන්ම පුළුවන් අන්න ඒ නිසා තමයි මේ ලිපිය වැදගත් වෙන්නේ. හරි වැඩි කතා නැතුව අපි පාඩමට අනුගත වෙමු.


හැබැයි යහලුවනේ පාඩම පටන් ගන්න කලින් කියන්න ඕනි. මේ ක්‍රම භාවිත කරන්න කලින් කිසියම් අයුරකින් උපාංගයට හානියක් සිදුවුනොත් ඒ සම්බන්ධව මම වගකීමක් දරන්නේ නැහැ කියලත්.


01. Root Permissions ලබපු අයට ( ඕනෑම උපාංගයකට වලංගු ක්‍රමය ) 


මුලින්ම මේ සඳහා ඔයාලගේ උපාංග Root කරගන්න ඕනි මේ වෙන විටත් ඔයාලා Root කරගෙන නැත්නම් මෙන්න මෙතැනින් ඔයාලට ඒ දේ කරගන්න පුළුවන්.


හරි උපාංගය නිසි පරිදි Root කරගත්තා නම් මීලගට අපිට උපාංගයට ඇතුලත් කරගන්න ඕනි Font එක තෝරාගැනීමක් කරගන්න වෙනවා. ඒ සඳහා Fonts කිහිපයක්ම ඇතුලත් Font pack එක මෙන්න මෙතැනින් භාගත කරගන්න.

" DroidSansFallback " මෙන්න මේ නමට තමන්ට ඕනා කරන ෆොන්ට් එක Rename කරන්න.

මේ මම ඔයාලට දුන්නේ හොදම Font සෙට් එකක් ඔයාලට මේ Font වලින් හොඳම එක තෝරා ගන්න අපහසුයි නම් මම භාවිතා කරන්නේ DroidSansFallback කියල Rename කරලා තියෙන Font එක. ඒකම ඔයාලත් තොර ගන්නකො.


හරි එහෙනම් දැන් ඔයාලා තෝරාගෙන Rename කරගත්ත Font එක ඔයාලගේ SD එකට දාගන්න.


මීලගට අපිට ඕනි වෙනවා Root browser එකක්. ගොඩක් අය භාවිතා කරන්නේ ROOT EXPLORER , ROOT BROWSER  කියන browser දෙක. අපිට මේ දෙකෙන් ඕනි Browser එකක් යොදාගන්න පුළුවන්. එත් අද මම මේ පාඩම කරගෙන යන්න හිතාගෙන ඉන්නේ Root Explorer වලින්. මෙන්න මෙතැනින් ඒ Browsers දෙකෙන් කැමති එකක් භාගත කරගන්න පුළුවන්.


ඊළගට Install කරගත්ත ROOT EXPLORER එක Open කරගෙන. " SYSTEM FILES " වලට යන්න. ගිහිල්ලා Mount R/W කියන එක ඔබන්න. එකෙන් වෙන්නේ අපිට ඒ FOLDER එකේ වෙනස් කම් කරන්න අවසර ලැබෙන එක. ඒ Button එක තියෙන තැන ඔයාලට පහත රුපයෙන් බලාගන්න පුළුවන්.


අන්තිමට " SYSTEM FILES " වල තියෙන " FONT " ෆෝල්ඩර් එකට අපි කලින් Download කරාපු font එක Copy Paste කරන්න. ( Warning කියලා එයි. බය නැතුව Yes කරන්න). ඒ Warning එක පහල රුපයෙන් පේනවනේ ?

ඊට පස්සේ පේස්ට් කරපු DroidSansFallback ෆොන්ට්  එක ෆොන්ට් ලිස්ට් එකෙන් හොයාගෙන ෆොන්ට් එක තද කරගෙන ටික වෙලාවක් යනකොට එන Sub Menu එකෙන් පර්මිෂන් ක්ලික් කරලා Read යටතේ ඇති Owner , Group , Others යන තුන සහ Write යටතේ ඇති Owner යන Buttons මත Tic කර OK කරන්න. එක කරන විදිහ පහල රුප සටහනෙනුත් ඔයාලට තේරුම් ගන්න පුළුවන්.


ඊට පස්සේ උපාංගය Reboot කරලා බලන්නකෝ.


02. Root Permissions නොලැබූ අයට ( Samsung උපාංග වල පමණි )


Samsung උපාංග භාවිත කරන්නන්ට දැන් මම කියල දෙන්න යන්නේ කොහොමද Root කිරීමකින් තොරව ඔයාලගේ උපාංගයට සිංහල ඇතුලත් කර ගන්නේ කියලා. මේක මම කලින් කියල දුන්න ක්‍රමය වගේ අමාරු ක්‍රමයක් නම් නෙමෙයි ඉතාමත් ලේසි ක්‍රමයක් වගේම සිංහල භාෂාව මේ මගිනුත් ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වෙනවා. බලමු මේක කරන්නේ කොහොමද කියලා.


මුලින්ම මම මේ දෙන Font Apk දෙක උපාංගයට Install කර ගන්න. මෙන්න මෙතැනින් ඒ Fonts භාගත කර ගන්න.


ඊට පස්සේ Settings තුල ඇති Display යන සැබදියට යන්න.


එතනින් Fonts යටතේ ඇති Font style සැකසුම මගින් ඔබ උපාංගය තුලට ඇතුලත් කර ගත් Font style එක තෝරා දෙන්න.

කෝකටත් අවසානෙට Reboot කරලා බලන්නකෝ.


------------------------------------------------------------------


මම මේ කියල දීපු ක්‍රම දෙක මගින්ම ඔයාලට උපාංගය තුල සිංහල භාෂාව ක්‍රියාත්මක කරවාගත හැකි අතර තවද සිංහල භාෂාවෙන් අකුරු ටයිප් කිරීමට අවශ්‍ය නම්, මේ වන විට භාවිතා කල යතුරු පුවරු වලින් මා වඩාත් ප්‍රිය කරන යතුරු පුවරුවක් වන " හෙලකුරු " යතුරු පුවරුව මෙන්න මෙතැනින් ඔබට භාගත හැකිය.


එහෙනම් යහලුවනේ මම හිතනවා මේ ලිපිය ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා, මොනවහරි ප්‍රශ්න තියනවනම් කොමෙන්ටු මගින් මගෙන් අහන්න කියල ඉල්ලනවා. එහෙනම් තවත් මේ වගේ රසවත් හරවත් ලිපියකින් ඔයාලා හමුවෙනකල් ඔයාලට ජය !!!

Written by
චන්දරේ...

Chandare Guru

Phasellus facilisis convallis metus, ut imperdiet augue auctor nec. Duis at velit id augue lobortis porta. Sed varius, enim accumsan aliquam tincidunt, tortor urna vulputate quam, eget finibus urna est in augue.

No comments:

Post a Comment