Pages

Android Root ගැන දැනගමු.. එපා වුන Root කෙරුවාවට පහසුම මගක් දැනගමු..


ඉතින් කොහොමද යාලුවනේ ඔන්න අදත් මම Android උපාංග භාවිත කරන අපේ යහළුවන්ට ඉතාමත් වැදගත් වෙන ලිපියක් අරගෙන එන්න හිතුවා. අද මම ඔයාලට මේ ලිපියෙන් කියල දෙන්න යන්නේ මොකක්ද මේ Root කරනවා කියන්නේ මොනවද අපිට Root කෙරුවාවෙන් ලැබෙන වාසි සහ අවාසි කියන කරුණු. ඒ වගේම මේ ලිපිය ටිකක් දුර දිග යනවා මෙන්න මේ Root කෙරුවාවට පහසුම මගක් කියල දෙන්න යාම තුලින් අන්න ඒ නිසයි මේ ලිපිය ඔයාලට වැදගත් වෙන්නේ එක ලිපියකින් ගොඩක් දේවල්. එහෙනම් යාලුවනේ වැඩි කතා නැතුව අපි පාඩමට අනුගත වෙමු.

01. මොකක්ද මේ Android උපාංගයක් Root කරනවා කියන්නේ ?


ගොඩක් යාලුවෝ නම් මේ ගැන දන්නවත් ඇති, එත් මේ සම්බන්ධව නොදන්නා අයට සහ මේ ගැන වැරදි ආකල්ප හිත වල තද කරගෙන ඉන්න අයට තමයි මේ පොස්ටුව. හරි මුලින්ම කියන්න ඕනි Root කරනවා කියන්නේ ඇත්තටම තමන්ගේ Android උපාංගයේ Admin බලතල තමා සතු කරගන්නවා කියන එක, තව දුරටත් කියනවනම් ඔබගේ Android උපාංගයේ බලතල සම්පුර්ණයෙන්ම ඔබ අතට ලැබෙනවා කියන එක. හරි එහෙනම් Root කරන්න කලින් අපි කොතනද ඉන්නේ කියල ඔබට පොඩ්ඩක් හිතෙනවා ඇති, ඇත්තටම ගොඩක් මෙහෙයුම් පද්ධති වල අපි මෙහෙයුම් පද්ධතිය ස්ථාපිත කරගත් විගසම පද්ධතිය අපිව සලකන්නේ Guest කෙනෙක් විදිහට. අන්න ඒ වගේ Android උපාංගයෙත් Root කරගන්න කලින් අපි මෙහෙයුම් පද්ධතියේ Guest කෙනෙක්. Android නිපදවන හැම දුරකථන සමාගමකින්ම ඔබට දීලා තියෙන්නේ Guest බලතල. ඒ කියන්නේ අපිට ෆෝන් එකට එන අනවශ්‍ය ඇප් එකක්වත් අයින් කරන බලතල නැ. ඉතින් මෙන්න මේ කරණය නිසා අපි අපේ උපාංගයේ Admin බලතල ගන්න උපාංගයේ Root Access ගන්නවා.

ෆෝන් එක රූට් කරන එක අනතුරුදායකද ?

ගොඩක් දෙනෙක් ට තියන බය තමයි තමන්ගේ ෆෝන් එක බ්‍රික් වෙයි කියන එක. නොදැනුවත්ව මේ දේවල් කරන්න යාමෙන් නම් සමහර අයගේ උපාංග බ්‍රික් වෙලා තියෙනවා. නමුත් මම පහලින් ඔයාලට කියල දෙන ක්‍රමයෙන් රූට් කිරීමේදි බ්‍රික් වීමට ඉඩකඩ බොහෝ අඩුයි. ඒ කොහොම උනත් උපාංග වල තියෙන දෝෂ සහ ඔයාලා කොහොමද ඒ දේ කරන්නේ කියල මම දන්නේ නැනේ. ඒ නිසා මේ දේවල් වල අවධානම ඔයාල භාර අරගෙන කරන්න ඕනි.

02. මොනවද අපිට එමගින් ලැබෙන වාසි සහ අවාසි



අපිට මේ Root කෙරුවාව මගින් ගොඩක් වාසි ලැබෙනවා, මොකද ඒ මගින් අපිට උපාංගයේ සියලු බලතල අපේ අතට ලැබෙනවනේ ඒ කියන්නේ අපිට ඕනිම දෙයක් කරන්න පුළුවන් කියන එකනේ, 

රූට් කිරීමේ වාසි

  • රූට් කිරීමේන් ඇන්ඩ්‍රොයිඩ් ඕ එස් එක භාවිත කිරීමට තිබූ සීමා මායිම් නැතිව යනවා

  • අපිට අවශ්‍යනම් ෆෝන් එකට system එකට වෙනත් දුරකතනවල system apps,boot animation සහ සිංහල අකුරු බැලීමට නොහැකි ෆෝන් සිංහල දාගන්න පුළුවන්.


  • නිල නොවන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ දාන්න පුලුවන් (කස්ටම් රොම්). සමහර ෆෝන් වලට ඇන්ඩ්‍රොයිඩ් අලුත් වර්ශන් වල ඔෆීශියල් අප්ඩේට් දෙන්නේ නෑ. එතකොට කස්ටම් රොම් එකක් මගින් අලුත් සංස්කරණයක් ස්ථාපිත කිරීමට පුලුවන්. මේ සඳහා ෆෝන් එක රූට් කර තිබිය යුතුයි.

  • රූට් කිරීමෙන් පසු ඒ සදහා රූට් සදහාම වෙන්වූ apps වලින් ඔබේ ඇන්රොයිඩ් ෆෝන් එකේ වේගය වැඩිකරගැනීම,බැටරි බලය තවත් ඉතුරු කරගැනීම අනවශ්‍ය run වෙන apps අයින් කර ඔබගේ දුරකතනයේ ram එක නිදහස් කිරීම වැනි දෑ කරගන්න පුළුවන්.


  • සමහර ෆෝන් වල ස්ක්‍රීන් ශොට් ගැනීමට රූට් කර තිබිය යුතුයි.

  • ඇප්ස් ඉන්ස්ටෝල් වෙන්නේ ෆෝන් එකේ ඉන්ටර්නල් මෙමරි එකට. රූට් කිරීමෙන් මේ ඇප්ස් එස්.ඩී කාඩ් එකට ඉන්ස්ටෝල් කිරීමට පුලුවන්.

  • ප්‍රොසෙසරය ඔවර් ලොක්/ අන්ඩර් ලොක් කල හැකිය. (පමණ ඉක්මවා කිරීමට යාමෙන් උපාංගයට හානි සිදුවිය හැකිය.)

  • මීට අමතරව තවත් මෙකී නොකී ගොඩාක් වාසි තියනවා

අවාසි

  • සමහර ෆෝන් ඔෆීශියල් අප්ඩේට් කිරීමට නොහැකි වෙනවා. 
  • රූට් කිරීමෙන් ෆෝන් එකේ වොරන්ටියත් නැතිවෙනවා

  • හරියට රූට් කිරීම කරේ නැත්නම්, ෆෝන් එකේ මෙහෙයුම් පද්ධතිය හරියට ක්‍රියා නොකරන්නත් ඉඩතියනවා.

අවාසි ගැන හිතල Root නොකර ඉන්න එපා, රූට් කිරීම මගින් අපිට ලැබෙන වාසි දිහා බැලුවම Android උපාංගයක් භාවිත කරන්නෙක් අනිවාර්යයෙන්ම තම උපාංගය Root කිරීමෙන් වාසි රැසක් අත්පත් ඔහුට කරගන්න පුළුවන්.

03. ලෙහෙසියෙන්ම Root කරන අලුත්ම ක්‍රමය.

හරි අපි මුලින් මොකක්ද මේ Android උපාංගයක් Root කරනවා කියන්නේ කියල බැලුවනේ එහෙනම් අපි ඊළගට බලමු කොහොමද ලෙහෙසියෙන්ම අපේ Android උපාංගයේ Root Access ලබන්නේ කියල. මේ ක්‍රමය සමහර විට ගොඩක් අය දන්නවත් ඇති. දැනට අපි Root කරන පරණ ක්‍රම ගැන Flash tools , Odin , Recovery වලින් Root කරන්න යද්දී කි පාරක් නම් Hard reboot වෙනවද ඒක උපාංගයටත් යම් විදියකින් හොඳ මදි. අද මම කියල දෙන්න යන ක්‍රමය කොරියන් ක්‍රමයක් තේරුම් ගන්න අමාරු වෙන එකක් නැහැ මම කියල දෙන්නම්. මේ ක්‍රමය මගින් බොහොමයක් දුරකථන Dialog i35 / i43 වැනි දුරකථන පවා Root කරන්න පුළුවන්.

හැබැයි මම කලින් කිව්වා වගේ මම මේ කිසිදු දෙයක වගකීමක් බාර ගන්නේ නම් නැත.. අවදානම තමා සතුය. 


01. මෙන්න මේ මෘදුකාංගය මුලින්ම භාගත කරගන්න.





02. ඊට පස්සේ ඔයාගේ උපාංගයේ Settings වල තියෙන USB Debugging සහ Unknown Sources කියන Options ක්‍රියාත්මක කරලා තියෙන්න ඕනි. එක කරන විදිහ පහත රුප සටහන් වලින් බලාගන්න පුළුවන්.




03. තව මතක් කරන්න ඕනි මේ ක්‍රියාවලිය වෙලා අවසන් වෙනකල් අන්තර්ජාලය සමග සම්බන්ධ වෙලා ඉන්නත් ඕනි ඒ කියන්නේ අපේ භාෂාවෙන් Data On එකේ තියාගන්න.

04. අර ඉහතින් භාගත කරගත්ත මෘදුකාංගය පරිගණකයට Install කරගෙන Open කරගන්න.


05. ඊට පස්සේ ඉහත රුපයේ විදියට මෘදුකාංගය Open වෙනවා. ඊට පස්සේ උපාංගය USB හරහා පරිගණකයට සම්බන්ධ කරලා Connect උනහම රතු පාට රවුමකින් පෙන්වා ඇති Button එක Click කරන්න.

06. හරි ඊට පස්සේ එන Window එකේ ඔයාට දකින්න ලැබෙයි ඔයාගේ උපාංගය මෘදුකාංගය මගින් හඳුනාගෙන ඇති බව. එහෙම අදුරගෙන නැත්නම් මෘදුකාංගය එතනින් එහාට මේ ක්‍රියාවලිය කරගෙන යන්න ඉඩ දෙන්නේ නැති බවත් කියන්න ඕනි.


07. ඊට පස්සේ ඉහත රුපයේ තියෙන විදියට Root කියන Button එක Click කරන්න. ඊට පස්සේ ඔයාට පහත රූපයේ තියෙන විදිහේ Window එකක් එනවා Root වීම අතරවාරයේදී,



ROOT වීමෙන් පසුව,


මේ ක්‍රියාවලියෙන් පස්සේ ඔයාලගේ උපාංගය Restart වෙයි එච්චරයි. දැන් ඔයාලා ඔයාලගේ උපාංග වල Admin අයිතිය ලබාගෙන ඉන්නේ. ඔයාලට පෙනෙයි ඔයාලගේ උපාංග වල Root Permissions දෙන මෘදුකාංග ස්ථාපිත වෙලා තියෙනවා. මේ ක්‍රමයෙන් බොහොමයක් උපාංග වලට Root Permissions දෙන මෘදුකාංගය විදිහට Super User මෘදුකාංගයම නොඑන්න පුළුවන් ඒ සම්බන්ධව බය වෙන්න එපා. ඒ හා සමාන විවිදාකාර Root Permissions දෙන මෘදුකාංග ඒ වෙනුවට ඔබගේ උපාංගයේ ස්ථාපිත වෙනවා.

මේ ක්‍රමය තුලින් උපාංග 3000+ වැඩි ප්‍රාමාණයක් කිසිදු බාධාවකින් තොරව රූට් කල හැකි බව දෑඩි විශ්වාසයකින් යුතුව රූට් මාස්ටර් සොෆ්ට්වෙයා එක ඔබට පවසනවා. ඔයාලට උපාංගය නිසි පරිදි Root වෙලාද කියල දැන ගන්න ඕනි නම් මෙන්න මෙතනින් ඔයාලට ROOT Checker වැඩසටහන බාගත කරගෙන එමගින් බලන්න පුළුවන්.




මින් පසුව මේ Root Permission නිසා අපිට කරගන්න පුළුවන් වැඩ උදාහරණයක් විදියට උපාංගයට සිංහල ඇතුලත් කරගැනීම, කොහොමද ඔයාගේ උපාංගයටත් ලස්සන Custom Rom එකක් දා ගන්නේ වැනි දෑ කියල දෙන්න මම ඉදිරි ලිපි වලදී බලාපොරොත්තු වෙනවා.

මේ සම්බන්ධව කුමන හෝ ප්‍රශ්නයක් තියනවනම් කොමෙන්ටු මගින් මගෙන් විමසන්න කියල මම ඉල්ලනවා.

එහෙනම් යාලුවනේ මේ වගේම වැදගත් රසවත් තවත් ලිපියකින් ඔයාල හමුවෙනකල් ඔයාලට ජය !!!

Written by
චන්දරේ...

Chandare Guru

Phasellus facilisis convallis metus, ut imperdiet augue auctor nec. Duis at velit id augue lobortis porta. Sed varius, enim accumsan aliquam tincidunt, tortor urna vulputate quam, eget finibus urna est in augue.

2 comments:

  1. පොස්ට් එක සුපිරි! ඒ වගේම පැහැදිලි!
    එත් මෙහෙම දෙයක් හිතමු! ෆෝන් එක root කලාට පස්සේ අපිට ආයේ ඒක undo කරන්න බැරිද ඔරිජිනල් තිබ්බ විදියටම??

    ReplyDelete
    Replies
    1. නේලංග සහෝදරයා වෙනුවෙන්ම තමයි මේ ලිපිය. කියවල බලන්න ඔබේ ප්‍රශ්නයට පිළිතුරු ලැබේවි.

      http://chandaregura.blogspot.com/2014/08/root-unroot.html

      Delete