Pages

Best Android Hacking Tips and Tricks !!!


Android යන්න හැඳින්විය හැකි හොඳම ක්‍රමය නම් සැම අත ඇති මෙහෙයුම් පද්ධතිය යන්නයි, මන්ද යත් Android අද වන විට ලෝකයේ ජනප්‍රියතම ජංගම මෙහෙයුම් පද්ධතිය බව කව්රුත් පාහේ දන්නා දෙයකි, අද මම ඔයාලට අරගෙන එන්න හිතුවා මේ දන්නා මෙහෙයුම් පද්ධතියේ නොදන්නා කරුණු රාශියක් සම්බන්ධව.

Android කියන්නේ Linux කර්නලය පාදක කොට ගත් මෙහෙයුම් පද්ධතියක්, එය මුලිකවම ස්පර්ශක උපාංග සඳහා නිර්මාණය කරන ලද්දකි, අද වන විට ජංගම දුරකථන අලෙවිපොළ 65% ක ප්‍රමාණයක් අල්ලා ගැනීමට මෙම මෙහෙයුම් පද්ධතියට හැකියාව ලැබිල තියනවා, Andrew E. Rubin සහ ඔවුන්ගේ සගයන් පිරිසක් විසින් පවත්වාගෙන යනු ලැබූ කුඩා පරිමාණයේ මෘදුකාංග සංස්ථාවක ඉදිරිය යහපත් බව දුටු Google සමාගම ඔවුන්ව තම සමාගමට ඇදා ගත්තේ කුමන කරුණක් නිසාවෙන් දැයි දැන් ඔබට වැටහෙනු ඇත, කෙසේ වෙතත් Google සමාගම නොමැති නම් අද වන විට මෙම තාක්ෂනය අපට අත් විඳීමට නොලැබෙනවා විය හැකි බවත් කිව යුතුයි, 

ඉතින් අද මම අරගෙන එන්න හිතුවා මෙම මෙහෙයුම් පද්ධතියේ ඇති සැඟවුණු අංගයන් කිහිපයක් සම්බන්ධව, නමුත් කියන්න ඕනි යාලුවනේ මේ කරුණු අත්හදා බලනවානම් මේ සම්බන්ධව වගකීමක් මා විසින් නොදරන බවත්, මන්ද යත් සමහර උපාංග වල ඇති අක්‍රමිකතා හේතුවෙන් අද කියල දෙන කරුණු ක්‍රියා නොකරන්න පුළුවන්, සහ සියලුම Android සංස්කරණ වල මේ කියල දෙන හැම Trick එකක් ම වැඩ කරන එකක් නැහැ කියලත් කියන්න ඕනි, හරි  අපි එහෙනම් පාඩමට අනුගත වෙමු. 

01 පද්ධතිය ක්ෂණික නැවත ක්‍රියාත්මක කරවීමක් ( Force Reboot )


බොහොමයක් Android පාරිභෝගිකයින් මුහුන දෙන ගැටළුවක් තමයි තමන්ගේ උපාංගය freeze වීම, අපේ භාෂාවෙන් නම් "හිරවුණා" කියලත් කියනවා ඔයාල දන්නවා දැන් වෙළඳපොළට එන ගොඩක් Android උපාංග පරිගනකයක තිබිය යුතු Processor , Graphic Processor , Ram , Rom , OTG USB support කියන හැමදේකින්ම වගේ සන්නද්ධයි ඇත්තටම කියනවනම් දැන් එන phone අපි ඉස්සර පාවිච්චි කරපු Computer වලට වඩා හොඳයි, මේ අය මෙහෙම නිර්මණය කරන්න හේතුව තමයි Android OS එක ගත්තම ගොඩක් Process පසුතලයේ නිරන්තරයෙන් සිදු වෙන මෙහෙයුම් පද්ධතියක් මේ හේතුවෙන් සමහර අඩු සකසනයන්ගෙන් යුතු උපාංග වලදී මෙන්න මේ කියපු  freeze වීම සිද්ධ වෙනවා. එහෙම වූනහම ඔයාල මොකක්ද කරන්නේ? ගොඩක් වෙලාවට මම දැකල තියෙනවා ගොඩක් අය Battery ගලවල නැවත පන ගන්වනවා, මෙන්න මේක වැරදි වැඩක් මෙහෙම කලහම කලෙකදී උපාංගයට පමණක් නොව මේ හේතුවෙන් මෙහෙයුම් පද්ධතියටද හානි වීමට ඉඩකඩ තියනවා,

මෙන්න මේ නිසා තමයි පද්ධතිය ක්ෂණික නැවත ක්‍රියාත්මක කරවීමක් අවශ්‍ය වන්නේ මේ සඳහා Power Button +  Home Key + Volume up button කියන Button 3ම එකවර එබීමෙන් මෙන්න මේ අපි කතා කරපු Force Reboot එක කර ගන්න පුළුවන්.

02 ක්ෂණිකව Google Search කරමු ( Quick Google Access )


බොහොමයක් Android භාවිතා කරන්නන් Google Search වෙත පිවිසීමට Search Widget එක භාවිතා කරනවා ඔව් ඒ ක්‍රමය පහසු ක්‍රමයක්, තවත් එවැනිම ඔබ නොදත් ක්‍රමයක් පවතින බව ඔබ දන්නවා දැයි සිතා බලන්න.. තියනවා, මේ සඳහා ඔබගේ Android උපාංගයේ Menu Key එක තත්පර කිහිපයක් ඔබාගෙන සිටින්න එය Google Search වැඩසටහන ආරම්භ කරදෙයි.

03 Reboot Android in Safe mode


කොහොමද වැඩේ??? ඇත්තටම කියනවනම් මමත් මේ සම්බන්ධව දැන ගත්තේ Android භාවිතා කරන්න පටන් අරගෙන ටික කාලයකින්, ඔව් මේ ඇත්තක් පරිගණකයන් වගේම Android උපාංගයන්ටද Safe mode එකක් තියෙනවා මේ පහසුකම සලසලා දීලා තියෙන්නේ Jelly bean සහ ඉන් පසුව පැමිණි සංස්කරණයන්ට පමණක් වන අතර,  සමහරක් විටෙක කිසියම් දෝෂයක් හමුවූ විට උපාංගය තුලින්ම මෙම Safe mode එකට නැවත පන ගන්වා ගැනීමක් සිදුකරගනු ලබනවා.

මේ අයුරින් නැවත උපාංගය ක්‍රියාත්මක කර ගැනීමට,

Long press the power button
Long press on the power off option.

මේ අයුරින් නැවත පනගන්වා ගත් විට පරිගණකයේ මෙන් තුන්වන පාර්ශවයේ මෘදුකාංග ( 3rd party application ) ක්‍රියාත්මක නොවන අතර නැවත සාමාන්‍ය අයුරින් පන ගැන්වූ විට නැවතත් සියලුම මෘදුකාංග භාවිතා කිරීමට හැකියාව ලැබේ, තවද මෙය තුන්වන පාර්ශවයේ මෘදුකාංගයක් හේතුවෙන් උපාංගයේ ක්‍රියාකාරිත්වයට භාධාවක් වී ඇත්නම් එය මැඩ පැවැත්වීමට ඉතාමත් ප්‍රයෝජනවත් හඳුන්වා දීමක් බව කිව හැකිය.

04 Face detection ක්‍රමයෙන් උපාංගයේ අගුලු ඇරීමUnlock android phones by face detection) 


මේකත් ඉතාමත් රසවත් හඳුන්වා දීමක් තමයි ගොඩක් අය නම් මේ සම්බන්ධව දන්නවත් ඇති, Jelly bean සහ ඉන් පසුව පැමිණි සංස්කරණයන්ට Face detection ක්‍රමයෙන් අගුලු ඇරීමේ පහසුකමක් Android භාවිතා කරන්නන්ට Google සමාගම විසින් හඳුන්වල දීල තියෙනවා. මෙම අංගය Android උපාංගය ඉතාමත් ආරක්‍ෂිත එකක් බවට පත් කරන්නේ එහි ඇති Blinking eyes system එක නිසාවෙනි, මෙම ක්‍රමයෙන් මුහුණ හඳුනාගත් පසු අපට ඇසිපිය ගැසීමට සිදු වන්නේ එම හඳුනාගත් පුද්ගලයා ජිවත් වී සිටීද නැද්ද යන්න තහවුරු කර ගනිමටයි, මන්ද යත් ඔවුන් විසින් අදාළ Face detection ක්‍රමය ඇතුලත් කොට ඇති පුද්ගලයාගේ ජායරුවකින් වුවද එය අගුල් විවෘත කිරීම පවා ඉඩ අහුරා ඇති බැවිනි. මෙවැනි කුඩා උපාංගයකට මෙවැනි අංගයක් ලබා දීම කෙතරම් අගනේද කියා ඔබටත් මෙය කියවීමෙන් පසුව සිතෙනු ඇත.

මෙම අංගය සක්‍රිය කර ගැනීම සඳහා,
Go to Settings > Security > Screen lock > Face unlock

05 ඔබගේ උපාංගයේ තත්වය සම්බන්ධ සවිස්තරාත්මක තොරතුරු ලබා ගැනීම ( Get detailed information about phone status )



දැන් අපට Phone information, Battery information, Usage statistics හා WiFi information යන සියල්ලම *#*#4636#*#* යන කේතය ඔබගේ උපාංගය මගින් Dial කිරීමෙන් ලබාගත හැකි අතර, මෙමගින් ඉතාමත් පහසුවෙන් details about battery usage, DNS check, Ping, Application time usage time සහ තවත් නොයෙක් දෑ පිරික්සා බැලිය හැකි  USSD අංගයකි

ඒ වගේම ඔයාගේ උපාංගය Factory reset කරගන්න නම් *#*#7780#*#* යන කේතය ඔබගේ උපාංගය මගින් Dial කිරීමෙන් කරගැනීමට හැකියාව ලැබෙන අතර. මේකෙදි වෙන්නේ ඔයාගේ උපාංගයේ තියෙන Internal Memory එක සුද්ද වෙලා Settings නැවත factory reset වෙන එක.

ඒ වගේම ඔයාගේ උපාංගය Hard reset කරගන්න නම් *2767*3855# යන කේතය ඔබගේ උපාංගය මගින් Dial කිරීමෙන් කරගැනීමට හැකියාව ලැබෙන අතර, මෙමගින් Internal Memory හා External Memory එක යන දෙකම සම්පුර්ණයෙන්ම සුද්ද වී යන අතර Settings ද නැවත factory reset වේ. මෙය හුදෙක් පරික්ෂා කිරීම් සඳහා Dial නොකරන්න මන්ද මෙමගින් ඔබගේ අනුදැනුමක් විමසීමකින් තොරව මෙම කර්තව්‍ය උපාංගය මගින් සිදු කර ගනී.

පහතින් තවත් රහස්‍ය කේත දක්වා ඇත,

                                                    SECRET CODES FOR ANDROID

1. Complete Information About your Phone  

 *#*#4636#*#*

Displays-
·         Phone information
·         Battery information
·         Battery history
·         Usage statistics



2. Factory data reset

 *#*#7780#*#*

Displays-
·         Google account settings stored in your phone
·         System and application data and settings
·         Downloaded applications

It’ll not remove:
·         Current system software and bundled application
·         SD card files e.g. photos, music files, etc.


3. Format Android Phone

 *2767*3855#

It’ll remove all files and settings including the internal memory storage. It’ll also reinstall the phone firmware. Note: Once you give this code, there is no way to cancel the operation unless you remove the battery from the phone.So think it twice before giving this code above.


4. Phone Camera Update

 *#*#34971539#*#*

It shows following 4 menus such as:
·         Update camera firmware in image (Don’t try this option)
·         Update camera firmware in SD card
·         Get camera firmware version
·         Get firmware update count


5. File Copy for Creating Backup

 *#*#273283*255*663282*#*#*

This code opens a File copy screen where you can backup your media files e.g. Images, Sound, Video and Voice memo.


6.  Service Mode

 *#*#197328640#*#*

This code can be used to enter into Service mode. You can run various tests and change settings in the service mode.


7. WLAN, GPS and Bluetooth Test Codes

*#*#232339#*#* OR *#*#526#*#* OR *#*#528#*#* - WLAN test (Use “Menu” buttonto start various tests…)

*#*#232338#*#*                  – Shows Wi-Fi MAC address

*#*#1472365#*#*                – GPS test

*#*#232331#*#*                  – Bluetooth test

*#*#232337#*#                    – Shows Bluetooth device address


8. Codes to get Firmware version information

*#*#4986*2650468#*#* - PDA, Phone, H/W, RFCallDate

*#*#1234#*#* - PDA and Phone

*#*#1111#*#* - FTA SW Version

*#*#2222#*#* - FTA HW Version

*#*#44336#*#* - PDA, Phone, CSC, Build Time, Change list number


9. Codes to launch various Factory Tests

*#*#0*#*#* - LCD test

*#*#0842#*#* - Device test (Vibration test and Backlight test)

*#*#2663#*#* - Touch screen version

*#*#2664#*#* - Touch screen test

*#*#0588#*#* - Proximity sensor test

*#*#3264#*#* - RAM version

මෙම සියලු කේත අත්හදා බැලීමට ප්‍රථම ඔබගේ උපාංගයේ මෙහෙයුම් පද්ධතිය Backup කර ගැනිමට වග බලා ගන්න, තවද කිසිදු ලෙසකින් හෝ උපාංගයට හානියක් සිදුවුව හොත් ඒ සඳහා මා වග කියනු නොලැබේ.

06 SD චිපය වෙත ස්ථාපිත කර ඇති මෘදුකාංග ගෙන යෑම ( Move android apps to SD card )


Android උපාංග වල ඇති තවත් විශේෂ අංගයකි මෙය. ඔබ සතු උපාංගයේ අන්තර් ධාරිතාව මදි නම් ඔබට දැන් බිය වීමට කාරනා නොමැත, අපට අන්තර් ධාරිතාව වෙනස් කිරීමට නොහැකි වුවද උපාංගයට SD චිප ඇතුලත් කිරීමට හැකියාව ඇත්නම් ඒ වෙත අපට උපාංගයේ අන්තර් ධාරිතාවයට ස්ථාපිත කොට ඇති මෘදුකාංග ගෙනයාමක් සිදු කිරීමට අංගයක් ලබා දී තිබෙනවා, ඒ සඳහා

Go to settings > Application settings > Manage application > Select the application

මගින් ඔබට කලින් සඳහන් කල අයුරින් මෘදුකාංග ගෙනයා හැකිය.

තවද එසේ උපාංගය මගින් ගෙනයාමට ඉඩ නොදී ඇති පද්ධතියේ මෘදුකාංගද ගෙනයාමට App2SD වැනි මෘදුකාංග භාවිතා කල හැකි අතර එය අන්තරාය වන්නේ චිපයට හානියක් සිදුවූ විට පද්ධතිය සමග ඔබට ප්‍රශ්න ඇති කර ගැනීමට සිදුවන බැවිනි :-)

07 Context menu in android


මෙම මෙනුව බොහෝ වෙනත් මෙහෙයුම් පද්ධති වල ( පරිගණක ආශ්‍රිත ) Right Click එකට සමාන වන අතර, Android උපාංග වල මෙම මෙනුව භාවිතා කරන්නා පද්ධතියේ සිටින තැන අනුව වෙනස් වනවා. මෙමගින් සැකසුම් සඳහා අතිරේක විකල්ප ලබා දෙන මෙනුවක් වන අතර, එය ලබා ගැනීමට මද වෙලාවක් තිරයේ ඔබට මෙනුව ලබා ගැනීමට අවශ්‍ය කොටස මත තදකරගෙන සිටීමෙන් ලබාගත හැකිය.

08 Android දුරකථනය මගින් Screen Shots ලබාගැනීම ( Taking screen shots on android phone )


Android උපාංග සඳහා ලබා දී ඇති ඉතාමත් විශේෂිත අංගයක් ලෙස මෙය හැඳින්විය හැකි අතර, මෙමගින් තුන්වන පාර්ශවයේ මෘදුකාංග භාවිතයෙන් තොරව තම උපාංගයේ තිරයේ දැනට ඇති දක්නය ජයරුපයකට නංවා ගැනීමට හැකිය. මෙය සංස්කරණයන්ගෙන්  සංස්කරණයන්ට වෙනස් වන අතර සියල්ලන්ටම පහේ පොදු වූ ක්‍රම කිහිපයක් නම්,

Press the Home button + power button (This trick work on most android phones.)
For Galaxy Nexus: Power button + volume down button.

For Galaxy Note 2 and S3: Swipe your palm on the screen to take screen shot. 

09 Android සංස්කරණයට අධාල Animation බැලීම ( Android Version Animation )


මේකත් ඇත්තටම කියනවනම් Android සමග එන පොඩි Trick එකක් තමයි. මේ ක්‍රමය මගීන් තමයි එකිනෙකට වෙනස් Android සංස්කරණයන්ට අධාල ඒවාට අවේනික Android Version Animations බලන්නේ. මේ සඳහා,

Go to settings > about phone > Tab repeatedly on ‘Android version’
  
කීප විටක් Android Version එක මත Tap කරන අතරතුර ඔබට ඔබගේ උපාංගයට අයත් සංස්කරණයට අධාල Animation එක දැකගත හැකිය.

එහෙනම් යාලුවනේ මොනවහරි ප්‍රශ්න තියෙනවනම් අහන්න කියල මම ඉල්ලනවා ඔයාලගෙන්, තවත් දවසක මේ වගේ රසබර ලිපියකින් මුණගැහෙන තුරු ඔබට ජය !!!

Written by
චන්දරේ... 

Chandare Guru

Phasellus facilisis convallis metus, ut imperdiet augue auctor nec. Duis at velit id augue lobortis porta. Sed varius, enim accumsan aliquam tincidunt, tortor urna vulputate quam, eget finibus urna est in augue.

No comments:

Post a Comment