Pages

Odin භාවිතයෙන් Flash කරගත් .tar File එකක් CWM හෝ වෙනත් Recovery වැඩසටහනක් මගින් install කරගන්නා ROM zip file එකක් බවට පත් කර ගන්නා අයුරු.


Android සම්බන්දව උනන්දුවක් දක්වන අපේ යාළුවන්ට වැදගත් වෙන විදිහේ ලිපියක් ලියන්න අද මම හිතුවා. මොකද මට මුහුණ පාන්න උන ප්‍රශ්නයක් ඇසුරෙන් තමයි මම මේ ලිපිය ලියන්න හිතුවේ ඇත්තටම කියනවනම් මම හොයාගත්ත දේ ඔයාලත් එක්ක බෙදාගන්න තීරණය කලේ එකයි.සහ මුලින්ම කියන්න ඕනි යම්තාක් දුරට Android සම්බන්ධ දැනුමක් තියන අයට තමයි මේ පාඩම මම අරන් අවේ.

එහෙනම් වැඩි කතා නැතුව අපි පාඩමට අනුගත වෙමු.

ඔයාල Android භාවිත කරනවානම් , ROM එකක් Recovery වැඩසටහනක් මගින් install කරලා තියනවනම් සහ .tar ගොනුවක් Odin මගින් Flash කරලා තියනවනම් මේ පාඩම අත්හදා බලන්න කියල මම ඉල්ලනවා. ඇත්තටම කියනවනම් පාඩම පටන් ගන්නකොටම මේ පාඩම මගින් කියල දෙන ක්‍රමය සම්බන්දව තමන් තමන්ගේ අවදානම භාර ගෙන අත්හදා බලන්න සහ ඔබ සතු උපාංගයට යම් හෙයකින් අනතුරක් වුව හොත් ඒ සදහා මා විසින් වග නොකියන බවත් මතක් කරන්න ඕනි.මොකද සමහර Android උපාංග වල පවතින දෝෂ නිසා මෙම ක්‍රමය ක්‍රියාත්මක නොවීමට ඉඩ ඇති නිසා.

පළමුව ඔබ සතු Android උපාංගයේ දැනට අන්තර්ගත Android මෙහෙයුම් පද්ධතියේ Backup එකක් Recovery වැඩසටහන මගින් සදා ලග තබාගන්න. ඔබ සතු උපාංගයේ CWM නොමැති වුවද මෙය කල හැකි අතරම එසේ කල හැක්කේ ඔබගේ උපාංගයට පැමිණෙන ප්‍රථම Recovery වැඩසටහනෙහි Boot-loop ඇති වී නොමැති නම් පමණකි.

ඔබගේ උපාංගයට Recovery වැඩසටහනක් ඇතුලත් කර ගන්නා අයුරු සහ එමගින් කාර්යයන් ඉටු කර ගන්න අයුරු ඉදිරි පාඩමකදී කියල දෙන්න බලාපොරොත්තු වෙනවා.

ඇත්තටම කියනවනම් මේ පාඩම පටන් ගන්න කලින් මම කියන්න ඕනි ඇයි අපි මේ වගේ දෙයක් කරන්න පෙළඹෙන්නේ කියලා. ඔයාල ටිකක් හිතුවනම් ඔයාලටම හිතෙන්න පුළුවන් ඇයි අපි මේ Odin තියෙද්දී මෙහෙම කරන්නේ කියල. මෙහෙයි හිතන්න ඔයාගේ උපාංගයේ USB port එකට හානියක් උනා.නමුත් ඔබගේ උපාංග මොඩලයට අලුතින් නව විශේෂාංග රැසක් සමග ගොනුගත කල Odin මගින් Flash කරන .tar ගොනුවක් අන්තර්ජාලයට එක කරලා කියල.ඔබ එය බා ගත කර උපාංගයට දැමීමට සැරසෙනවා නමුත් ම ඉහතදී සඳහන් කල ගැටලුව හේතුකොට ගෙන Odin හි ඔබගේ උපාංගය කොපමණ සම්බන්ධ කලද එය සම්බන්ධ කල බවක් නොපෙන්වයි.දැන් ඔබ එය උපාංගයට ස්ථාපිත කර ගන්නේ කෙසේද...???  ඔබගේ Bluetooth , NSC ක්‍රියාත්මක වේ ද , ඔබගේ උපාංගයට මෙමරි චිප කියවීමට හැකිද ?? එසේ නම් ඔබට මෙය සිදු කල යුතු වේ. ඇත්ත වශයෙන්ම ඒ මට ඇති උන තත්වය. මෙවැනිම විදියට ඔබට ඔබගේ පරිගණකයේ USB වලට හානියක් සිදුවී ඇත්නම් සිතන්න මෙය මගින් ඔබගේ අවශ්‍යතාවය ඉටු කල ගත නොහැකිද...

හරි පාඩම පටන් ගමු, 

  • පළමුව ඔබ විසින් Odin මගින් Flash කිරීම සඳහා බා ගත කරගත් .tar ගොනුව Win RAR හෝ ගොනු දිග හැරීමට සමත් වැඩසටහනක් මගින් දිග හැර ගන්න. ඔබට Win RAR නමැති නම් http://www.rarlab.com/download.htm මගින් එය බා ගත කර ගන්න.

  • ඉන් පසුව එම දිග හැර ගත් ගොනුවේ amss.bin , mdm.bin , system.img.ext4 යන File තුන අරුණු කොට අනෙක් සියලුම File මකා දමන්න.


  • ඉන් පසුව ඔබ මා ඉහතදී ඉතිරි කර ගැනීමට යයි පැවසු system.img.ext4 යන ගොනුව දිග හැර ගැනීමට සමත් වැඩසටහනක් භාවිතා කල යුතුය එය සාමාන්‍ය වැඩසටහනක් මගින් දිග හැර ගත නොහැකි අතර ඒ සඳහා http://sourceforge.net/projects/androidicsjbext/?source=directory මෙම ලින්කුවේ දක්වා ඇති වැඩසටහන භාවිතා කර ICS හා JB වලට අයත් .tar තුල අන්තර්ගත system.img.ext4 ගොනු දිග හැර දෙයි.

  • දැන් ඔබ දිග හැර ගත්  system.img.ext4 ගොනුව තුල අන්තර්ගත වූ සියල්ල ම කලින් සඳහන් කල amss.bin , mdm.bin , system.img.ext4 යන දත්ත ඇතුලත් folder එක තුල system යයි rename කල folder එකක් සාදා එය තුලට දමන්න.

  • මින් පසුව මා කලින් සඳහන් කල ෆෝල්ඩරයේ ඇති system.img.ext4 යන්න මකා දමන්න.සහ පසුව එම මා කලින් සඳහන් කල ෆෝල්ඩරයට වෙනත් CWM මගින් ස්ථාපිත කරගත හැකි .zip ROM එකක් ගෙන එය දිග හැර එය තුල ඇති META-INF යන ෆෝල්ඩරය සහ boot.img යන ගොනුවද Copy කර ගන්න.

  • දැන් ඔබගේ ප්‍රධාන ෆෝල්ඩරය තුල META-INF , system යන ෆෝල්ඩර් දෙකට කිසිදු වෙනසක් නොකොට ප්‍රධාන ෆෝල්ඩරය ZIP ගත කර ගන්න (එම ප්‍රධාන ෆෝල්ඩරය තුල META-INF , system යන ෆෝල්ඩර් දෙක සාමාන්‍ය ෆෝල්ඩර් දෙකක් ලෙසම පැවතිය යුතුය.)

  • දැන් ඔබ CWM මගින් ස්ථාපිත කර ගත හැකි ROM එකක් නිපදවාගෙන අවසානයි.නැවත වරක් බලන්න එම ප්‍රධාන ෆෝල්ඩරය .zip යන Extension එකට ZIP කරගෙන ඇත්ද කියා සහ එය තුල ( META-INF , system යන ෆෝල්ඩර් දෙක ) , amss.bin , mdm.bin සහ boot.img යන දත්ත ඇතුලත්ද කියා.



දැන් ඔබට ඔබගේ Recovery වැඩසටහන මගින් එම ROM එක ඔබගේ උපාංගයට ස්ථාපිත කරගත හැකි අතරම එම ROM ගොනුව ඔබට චිපයකට බහලා පසුව එය උපාංගයට ඇතුලත් කිරීමෙන් අනතුරුව  ස්ථාපිත කරගත හැකිය..


මේ සම්බන්ධව මොනවා හරි ගැටළුවක් තියනවනම් කොමෙන්ටු මගින් මගෙන් අහන්න කියල මම ඉල්ලනවා.

පහත වීඩියෝව මගින් ඔබට මෙම ලිපිය ප්‍රායෝගිකව සිදුකරන අයුරු දැකගත හැකිය.





මම ඉදිරි පාඩම් වලදී කොහොමද ඔබ ඔබගේ Android උපාංගයේ Super user වෙන්නේ කොහොමද උපාංගයේ Root එකට රිංගා Android මෙහෙයුම් පද්දතිය තමන්ට අවශ්‍ය පරිදි සකසා ගන්නේ කොහොමද කොහොමද Boot loop එකක් උනහම නැවත මෙහෙයුම් පද්දතිය සකස් කර ගන්නේ , කොහොමද Recovery වැඩසටහනක් ඔබගේ උපාංගයට ඇතුලත් කර ගන්නේ කියන හැමදේම වගේම Android සම්බන්ධ ගොඩාක් දේ ඔයාලත් එක්ක බෙදා හදා ගන්න මම බලාපොරොත්තු වෙනවා 


තවත් රසබර පාඩමකින් ඔබ හමුවන තුරු ඔබට ජය !!!!

Written by
චන්දරේ...

Chandare Guru

Phasellus facilisis convallis metus, ut imperdiet augue auctor nec. Duis at velit id augue lobortis porta. Sed varius, enim accumsan aliquam tincidunt, tortor urna vulputate quam, eget finibus urna est in augue.

4 comments:

  1. Replies
    1. එසේම වේවා ඔබටත්..... දිගටම අපිත් එක්ක රැඳෙන්න කියල ඉල්ලනවා ;)

      Delete
  2. Replies
    1. බොහොමත්ම ස්තුතියි සහෝදරයා. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ඉල්ලනවා !!!

      Delete