Pages

කිසිදු මෘදුකාංගයක් හෝ දෘඩාංගයක් භාවිතා නොකොට ඔබගේ laptop පරිගණකය මගින් WIFI Hotspot එකක් සාදා ගනිමු...

 

   ඔබ දන්නවා Windows 7 වල මෙන් නොව 8 හා 8.1 හිදී Microsoft සමාගම විසින් පරිශීලකයා "User friendly" යන සංකල්පයෙන් බැහැර කිරීමට උතසහයක් ගෙන ඇති බව. මෙමගින් ඔවුන්, ඔවුන්ගේ නිෂ්පාදනයන්ගේ කාර්යක්ෂම තාවය වැඩිකර ගැනීමට බලාපොරොත්තු වුවද, පරිගණක දැනුම අතින් විශාල දියුණුවකට පත් නොවුණු රටවල් වල වෙසෙන්නන් දැඩි අපහසුතාවයකට පත් වනවා මෙන්ම, ඔවුන් පැරණි සංස්කරනයන්ගෙන් ඔබ්බට ගමන් කිරීමට මැලි කමක් දක්වනවා. අද මම මෙම පාඩමින් ඔබ වෙත ගෙන එන්නේද එවැන්නක් Windows 7 වලදී මෙන් නොව Ad-hoc පහසුකම ලබා නොදී ඇති Windows 8 හා 8.1 කොහොමද Hotsopt එකක් බවට පත් කරගන්නේ කියල.   

   ඔබ දැක ඇති තැන තැන ගෙන යාමට හැකි Portable Routers නමුත් සාමාන්‍ය පුද්ගලයෙක්ට මෙවැනි උපකරණයක් ගැනීමට විශාල මුදලක් වියදම් කිරීමට සිදුවේ.  ඔබ සතුව WiFi පහසුකම තිබෙන Windows 8 Laptop එකක් තිබෙනවානම්  කිසිඳු  මෘදුකාංගයක් ස්ථාපිත නොකර නොමිලේම ඔබේ  Windows 8 Laptop එක "WiFi Hotspot" එකක් කරගැනීමට හැකියාව තිබෙනවා. සමහර විට මේ සම්බන්දව අපිත් එක්ක රැදිලා ඉන්න ගොඩක් යහළුවෝ දන්නවත් ඇති නමුත්   Windows 8 හා 8.1 මෑතකදී ස්ථාපනය කරගත්තු අපේ සමහර යහළුවන්ට මේ ගැටලුව තියෙනවා.ඇත්තටම කියනවනම් මමත් Windows 8 ස්ථාපනය කරගත් මුල් කාලයේ මේ ගැන දැනගෙන හිටියේ නැහැ.ඒ සම්බන්ධව අපේ Campus එකේ යහළුවෝ දවසක් බෝඩිමේදී සාකච්චාවක යෙදුනා ඉතින් මම හිතුව මේ ගැන ඔයාලට කියල දෙන්න හරි වැඩි කතා නැතුව අපි පාඩමට බහිමු !!

පළමුව ඔබ සතු පරිගණකයේ Drivers නිසි ලෙස ස්ථාපනය කර තිබේද කියා හදුනා ගත යුතු වෙනවා.මේ සඳහා පළමුව ඔබ විසින් cmd නොහොත් Command Prompt ( Admin ) Open කර ගන්න වෙනවා , 


මෙම රුප සටහනේ ආකාරයට පරිගණක තිරයේ වම්පස පහල කෙලවරට ගොස් එතැන Right Click කර එතනින් එවිට ඉහත රුපයේ ආකාරය ගත් මෙනුවක් දිස්වේ එහිදී ම පෙන්වා දී ඇති පරිදි cmd, open කර ගන්න. ඉන් පසුව එහි netsh wlan show drivers  යන විධානය ලබා දී Enter කල විට,

  
පහත ආකාරයේ ගොනුවක් ඔබට දිස්වේ ම පෙන්වා දී ඇති පරිදි Hosted network supported : Yes වී ඇත්නම් පමණක් ඔබට මෙම කර්තව්‍ය කරගෙන යාමට හැකි අතර, ඔබට එහි No කියා දිස්වී ඇත්නම් වහාම ඔබගේ පරිගණකයේ නිෂ්පාදක සමාගමේ නිල වෙබ් අඩවියට ගොස් ඔබගේ පරිගණකයට අදාළ Wireless Drivers ස්ථාපිත කරගැනීමට සිදුවේ.

මීලගට අප Hotspot එක සාදා ගත යුතු වන අතර එහිදී කල යුත්තේ cmd හි මීලගට netsh wlan set hostednetwork mode=allow ssid=chandaregura.blogspot.com key=12345678 ලෙස type කර Enter කල යුතුය. මෙහිදී ssid හා key වලට ඔබට කැමති නමක් සහ Password එකක් ඇතුලත් කල හැකිය.


එහිදී ඉහත ආකාරයේ Generate වීමක් දැකගත හැකිය. නමුත් අප තවමත් Hotspot එක සදා ගත්තද එය ක්‍රියා කරව නොමැත. ඒ සඳහා cmd හි netsh wlan start hostednetwork ලෙස type කර enter කරන්න එවිට,


මේ අයිරින් දිස්වන අතර මෙයින් අදහස් වන්නේ ඔබ විසින් දැන් Hotsopt එකක් සාදා ඇති බවයි නමුත් ඔබට මෙම Hotspot එකට සම්බන්ද වී අන්තරජාල පහසුකම ලබා ගත නොහැක. දැනට ජාලගත වීම සිදුවී ඇති අතර එයට අන්තරජාල පහසුකම ලබා දීම කරන්නේ කෙලෙස ද කියා බලමු,

ඉන් පසුව පහත රුපයේ දක්වා ඇති පරිද්දෙන් search හි Network and sharing center යනුවෙන් ටයිප් කරන්න,


ඉන්පසුව එහි Change Adapter Settings තෝරා දීමෙන් අනතුරුව එන මෙනුවේ අප සතු අන්තරජාල පහසුකම ලබා දීමට අවශ්‍ය Mobile Broadband එක සහ අප සාදාගත් Hotspot එක අපට පහත රුපයේ පරිදි දැක ගැනීමට හැකිය.


ඉන් පසුව ඔබට අන්තරජාල සේවාව ලබා දෙන Mobile Broadband සම්බන්දතාවය හෝ වෙනත් සම්බන්දතාවයක් ඇත්නම් එය මත Right click කර එහි Properties තෝරා දී, ඉන්පසුව එහිදී ලැබෙන මෙනුවේ Sharing tab එක තොරා දී , එහිදී එම සම්බන්දතාවය වෙනත් Wireless සම්බන්දයක් ඔස්සේ  බෙදා හැරීමට විදානය ලබා දෙන පළමු radio button එක මත හරි ලකුණ දීමෙන් පසු එයට Share කිරීමට අවශ්‍ය Connection එක ලබා දීමට ඇති Home networking drop down input එකට ඔබ ඉහතදී සදා නිමකළ Wireless Hotspot එක ලබා දෙන්න එය පහත රුපයේ දැකගත හැකි අතර එලෙස කිරීමෙන් අනතුරුව OK කරන්න.


මෙම ක්‍රියාවලියෙන් අනතුරුව ඔබට ආරක්‍ෂිත අයුරින් Hotspot එකක් සදා එමගින් අන්තරජාල පහසුකම අත්විදිය හැකිය.

හරි යහලුවනේ එහෙනම් තවත් මේ වගේම පාඩමකින් අපි නැවත හමුවෙමුකො ඔයාලට ගැටළු තියනවනම් ඒවත් අපිට ඉදිරිපත් කරන්න කියල මම ඉල්ලනවා .....

Written by
චන්දරේ...

Chandare Guru

Phasellus facilisis convallis metus, ut imperdiet augue auctor nec. Duis at velit id augue lobortis porta. Sed varius, enim accumsan aliquam tincidunt, tortor urna vulputate quam, eget finibus urna est in augue.

4 comments:

  1. Replies
    1. අනිවාර්යයෙන්ම අකිල !!! දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න.....

      Delete
  2. අයියෙ වැඩේ හරි..මම මීට කලින් දවසක් ට්‍රයි කලාට කරගන්න බැරි උනා.මේ නෙට්වර්ක් එක ඕෆ් කරන කමාන්ඩ් එක මොකක්ද?

    ReplyDelete
    Replies
    1. මල්ලි,

      netsh wlan stop hostednetwork

      netsh wlan set hostednetwork mode=disallow

      netsh wlan show settings

      කියන Command 3න administrator cmd එකේ enter කරගෙන යන්න අන්තිම Command line එක enter කලාම Wlan Settings වල Summary එකක් පෙන්නයි එකේ

      Hosted network mode allowed in wlan service කියන line එක ඉදිරියෙන් NO කියල වැටිලා තියනවනම් ඔයාගේ Hotspot එක සම්පුර්ණයෙන්ම Disable.

      Delete